
බ්‍රිතාන්‍යට පැමිණෙන සංක්‍රමණිකයන්ට එරෙහිව එක්සත් වෙමු යැයි හඬ නගමින් මධ්‍යම ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වුණු අතර, ඊට සහභාගී වූ ගණන ලක්ෂයකට වැඩිය.
විරෝධතාව සංවිධානය කළේ බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංෂික ක්‍රියාකරුවකු වන ටොමී රොබින්සන් විසිනි. බ්‍රිතාන්‍ය රජයේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට දැඩි ලෙස විරෝධය දක්වන ක්‍රියාකාරියකු ලෙස ටොමී රොබින්සන් ප්‍රකටය. විරෝධතා රැළියට 150,000 ක් එක්වී සිටියහ.
විරෝධතාව පැවැත් වූයේ මදයම ලන්ඩන් නුවර සංක්‍රමණිකයන්ට නවාතැන් පහසුකම් සපයන හෝටල් පෙළක් ඉදිරියේය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අතර, එවිට පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතරේ ගැටුම්කාරී තත්වයක් හටගත්තේය. කලහකාරී පිරිස් මර්දනයට පොලිසියේ 1500ක පිරිසක් යෙදවුණු බව ද පැවැසෙයි.
විරෝධතාකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් 10 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. පොලිස් අත්අඩංගුවට ගැණුනු විරෝධතාකරුවන් ගණන 25 කි.
මෙම විරෝධතාවට හේතු වූයේ සරණාගතයකු ලෙස ඉතියෝපියානු තරුණයකු අතින් 14 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක අපයෝජනයට ලක්වීමේ සිද්ධියකි.
මේ අතර, ප්‍රධාන රැලියට විරෝධය පළ කරමින් තවත් ප්‍රතිවිරුද්ධ රැලියක් ද ලන්ඩන් නුවර පැවැත්විණි. ඒ සංක්‍රමණිකයන්ට සහාය පළ කරමිණි.
එම රැළියට සහභාගී වූ පිරිස 5000 කි. මෙම ප්‍රතිවිරුද්ධ රැලිය සංවිධානය කර තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේය. එම කටයුතු සංවිධානය කර තිබුණේ ඇමරිකන් වය්‍යාපාරික ඊලොන් මස්ක් යැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලන්ඩනයේ විරෝධතා
pakeer Sunday, 14 September 2025 09:14 PM
ආසියාව කාලා යුරෝපයත් කන්න ගිහින්...
maalaka Monday, 15 September 2025 06:30 AM
හැම රෙද්දක්ම රටට ගත්තම ඔහොම වෙනවා
Perera Monday, 15 September 2025 08:40 AM
අපේ ගෙදරත් ටොමිත් ඔහොම තමයි, පිටතට කිසිම බල්ලෙකුට එන්න දන්නේ නෑ.