බි‍්‍රතාන්‍යයේ ගිනිකොනදිග ලන්ඩන් ප‍්‍රදේශයේදී ත‍්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෝ දෙදෙනෙක් ලන්ඩන් ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් පෙරේදා(23) තුවාල ලැබූහ.
එම ත‍්‍රස්තවාදී කල්ලි සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බව ලන්ඩන් පොලිසිය පවසයි.
පසුගියදා මෙම ත‍්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනා ලන්ඩන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළහ. තමන් එවැන්නක් සිදු කළේ බි‍්‍රතාන්‍ය සෙබළුන් දිනපතා මුස්ලිම් ජාතිකයන් ඝාතනය කිරීම නිසා බව අත්අඩංගුවට පත් ත‍්‍රස්තවාදී සාමාජිකයෝ දෙදෙනා පැවැසූහ.
මොවුන් දෙදෙන ලන්ඩනයේ වූල්විච් ප‍්‍රදේශයේ මහජනතාව බියට පත්වන ආකාරයෙන් කලහකාරී ලෙස හැසිරුණු බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සිද්ධිය සැල වූ වහාම කි‍්‍රයාත්මක වූ පොලිසිය ත‍්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනා ලූහුබැඳ අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කළේය.
ලන්ඩන් නගරයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ හටගත් නොසන්සුන් තත්ත්වය නිසා ප‍්‍රංශයේ සංචාරයක නිරතව සිටි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් නැවත සිය රට පැමිණ ආරක්ෂක ප‍්‍රධානීන් කැඳවා විශේෂ රැුස්වීමක් පැවැත් වූ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් නුවර ජනතාව බියට පත්වෙන ආකාරයෙන් එක් දිනක් කලහාකාරීව ගිණි අවි නොමැතිව පිහි පමණක් භාවිතා කරමින් හැසිරුණු අය ත්‍රස්තවාදීන් ලෙස නම් කරන බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහරි ජාතීන් මුළු ශ්‍රී ලංකාවටම බෝම්බ බිය, මරණ බිය වසර 30 ක කාලයක් උදාකර දුන් සංවිධානය විමුක්තිකාමීන් ලෙස නම් කර ඔවුන් විනාශ කිරීම ගැන දුක්වන්නේ මන්ද? (නි)
එය ත්‍රස්තවාදය නොවේ. නමුත් සාපේක්‍ෂව තමන්ගේ ගේ ඇතුලේ පොඩිදේත් ත්‍රස්තවාදය ලෙසයි පෙන්වන්නේ (නි)
කේ අපේ තානාපති අංශ නිදිද? මේ අවස්ථාවේ ලන්ඩන් වලට ත්‍රස්තවාදයේ බියකරු කම පහදා දෙන්න. මාධ්‍ය වලට මුහුණු දාගනිමින් අඩුම තරමේ ශෝකය පල කරමින් එතන මල් ටිකක් වත් තියලා එන්න. ඒකේ ලේබල් එකක් අලවන්න වසර 30 ක් ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ ශෝකය කියලා.(නදී)
නැගී එන මුස්ලිම් අන්තවාදෙට විරුද්දව තවත් ආගමික සංවිදාන වෙනුවට දේශපාලන දර්ශනයක් සහිත එංගලන්තයේ ඊ ඩී එල් වැනි සංවිදාන ලංකාවේ පිහිටිවිය යුතුයි. එවිට එක අන්තවාදයක් වෙනුවට තව අන්තවාදයක් රජයන එක නවතිනවා.(නදී)
තම්බිලාගේ (මල්ලිලාගේ) අදහස් හිරවෙලාද? (නි)
අනේ මන්දා. දැන් බලාගෙන ගියාම මෙයාලා ආගමේ නාමයෙන් මිනී මරණ එකේ සීමාවක් නැහැනේ. තමන්ගේ අයව මරනවා කියලා මේ විදියට අමානුෂික ඝාතන සිදු කරන එක හරිද ? බෞද්ධ නමක් ගෑවුනා නම් බලන්න තිබුනා අපේ ලංකාවේ සර්ව ආගම් අයගේ සද්දේ . (නි)
මෙයාලගේ ආගමට අනුව මෙම ක්‍රියාවේ කිසිඳු වරදක් නැත. එහෙව් ජාතියක් දැන් ලංකාවේ නැගෙනහිර පළාත ඉල්ලන ලස්සන. (නි)
එදා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධය පලකළ අය ගැනත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සොයා බැලිය යුතුයි.(නදී)