IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලන්ඩන් නුවර ත‍්‍රස්ත ප‍්‍රහාරයක්

බි‍්‍රතාන්‍යයේ ගිනිකොනදිග ලන්ඩන් ප‍්‍රදේශයේදී ත‍්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෝ දෙදෙනෙක් ලන්ඩන් ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් පෙරේදා(23) තුවාල ලැබූහ.
එම ත‍්‍රස්තවාදී කල්ලි සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බව ලන්ඩන් පොලිසිය පවසයි.
පසුගියදා මෙම ත‍්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනා ලන්ඩන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළහ. තමන් එවැන්නක් සිදු කළේ බි‍්‍රතාන්‍ය සෙබළුන් දිනපතා මුස්ලිම් ජාතිකයන් ඝාතනය කිරීම නිසා බව අත්අඩංගුවට පත් ත‍්‍රස්තවාදී සාමාජිකයෝ දෙදෙනා පැවැසූහ.
මොවුන් දෙදෙන ලන්ඩනයේ වූල්විච් ප‍්‍රදේශයේ මහජනතාව බියට පත්වන ආකාරයෙන් කලහකාරී ලෙස හැසිරුණු බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සිද්ධිය සැල වූ වහාම කි‍්‍රයාත්මක වූ පොලිසිය ත‍්‍රස්තවාදී සාමාජිකයන් දෙදෙනා ලූහුබැඳ අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කළේය.
ලන්ඩන් නගරයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ හටගත් නොසන්සුන් තත්ත්වය නිසා ප‍්‍රංශයේ සංචාරයක නිරතව සිටි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් නැවත සිය රට පැමිණ ආරක්ෂක ප‍්‍රධානීන් කැඳවා විශේෂ රැුස්වීමක් පැවැත් වූ බව ද වාර්තා වේ.



අදහස් (0)

ලන්ඩන් නුවර ත‍්‍රස්ත ප‍්‍රහාරයක්

කමල් Friday, 24 May 2013 12:44 PM

ලන්ඩන් නුවර ජනතාව බියට පත්වෙන ආකාරයෙන් එක් දිනක් කලහාකාරීව ගිණි අවි නොමැතිව පිහි පමණක් භාවිතා කරමින් හැසිරුණු අය ත්‍රස්තවාදීන් ලෙස නම් කරන බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහරි ජාතීන් මුළු ශ්‍රී ලංකාවටම බෝම්බ බිය, මරණ බිය වසර 30 ක කාලයක් උදාකර දුන් සංවිධානය විමුක්තිකාමීන් ලෙස නම් කර ඔවුන් විනාශ කිරීම ගැන දුක්වන්නේ මන්ද? (නි)

:       0       0

නිමල් ප්‍රනාන්දු Friday, 24 May 2013 01:17 PM

එය ත්‍රස්තවාදය නොවේ. නමුත් සාපේක්‍ෂව තමන්ගේ ගේ ඇතුලේ පොඩිදේත් ත්‍රස්තවාදය ලෙසයි පෙන්වන්නේ (නි)

:       0       0

අසංග Friday, 24 May 2013 07:41 PM

කේ අපේ තානාපති අංශ නිදිද? මේ අවස්ථාවේ ලන්ඩන් වලට ත්‍රස්තවාදයේ බියකරු කම පහදා දෙන්න. මාධ්‍ය වලට මුහුණු දාගනිමින් අඩුම තරමේ ශෝකය පල කරමින් එතන මල් ටිකක් වත් තියලා එන්න. ඒකේ ලේබල් එකක් අලවන්න වසර 30 ක් ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ ශෝකය කියලා.(නදී)

:       0       0

මුරුගන් Friday, 24 May 2013 07:44 PM

නැගී එන මුස්ලිම් අන්තවාදෙට විරුද්දව තවත් ආගමික සංවිදාන වෙනුවට දේශපාලන දර්ශනයක් සහිත එංගලන්තයේ ඊ ඩී එල් වැනි සංවිදාන ලංකාවේ පිහිටිවිය යුතුයි. එවිට එක අන්තවාදයක් වෙනුවට තව අන්තවාදයක් රජයන එක නවතිනවා.(නදී)

:       0       0

සදරුවන් Friday, 24 May 2013 03:01 PM

තම්බිලාගේ (මල්ලිලාගේ) අදහස් හිරවෙලාද? (නි)

:       0       0

කසුන් ධර්මවන්ස Friday, 24 May 2013 10:58 AM

අනේ මන්දා. දැන් බලාගෙන ගියාම මෙයාලා ආගමේ නාමයෙන් මිනී මරණ එකේ සීමාවක් නැහැනේ. තමන්ගේ අයව මරනවා කියලා මේ විදියට අමානුෂික ඝාතන සිදු කරන එක හරිද ? බෞද්ධ නමක් ගෑවුනා නම් බලන්න තිබුනා අපේ ලංකාවේ සර්ව ආගම් අයගේ සද්දේ . (නි)

:       0       0

සමරතුංග Friday, 24 May 2013 10:59 AM

මෙයාලගේ ආගමට අනුව මෙම ක්‍රියාවේ කිසිඳු වරදක් නැත. එහෙව් ජාතියක් දැන් ලංකාවේ නැගෙනහිර පළාත ඉල්ලන ලස්සන. (නි)

:       0       0

සෑම් Friday, 24 May 2013 04:18 PM

එදා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධය පලකළ අය ගැනත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site