බටහිර ලන්ඩනයේ උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (14) අලුයම ඇති වූ ගින්නකින් 12දෙනකු මියගොස් 65කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ගින්න ඇති වූ අවස්ථාවේදී ඒ තුළ මිනිසුන් සිරවී සිටි බව ඇසින් දුටුවෝ කීහ. ලැන්කැස්ටර් හි ග්‍රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ මෙම ගින්න ඇති වී තිබෙන අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයෝ 200කට ආසන්න පිරිසක් සහභාගි වූහ. නිවාස සංකීර්ණය තුළ සිරවී සිටින පිරිස් අප බේරාගන්නැයි ද අපේ දරුවන් බේරාගන්නැයි ද පවසමින් කෑ ගැසූ බව ද වාර්තා විය. කෙසේ නමුත් මෙම ගින්න ඇති වී තිබෙන්නේ ඊයේ (13) රාත්‍රියේ යැයි ද වාර්තා විය.
පනහකට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ලන්ඩන් ගිලන් රථ සේවය ද ප්‍රකාශ කර තිබිණි. මෙම ගොඩනැගිල්ල මහල් 27කින් සමන්විත බව ද වාර්තා විය.
මෙම ගොඩනැගිල්ල කඩා වැටෙනු ඇතැයි ද පැවැසිණි. මෙම ගොඩනැගිල්ලේ මහල් නිවාස 120ක් තිබී ඇතැයි වාර්තා වේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 40ක් යැවූ බව ලන්ඩන් ගිනි නිවන ඒකකය සඳහන් කළේය. නිවාස සංකීර්ණය තුළ දැඩි ගින්නක් ඇති වී තිබෙන බවත් විදුලි පන්දම් දල්වමින් ගොඩනැගිල්ල තුළ සිර වී සිටින පිරිස් උදව් ඉල්ලූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. ගිලන් රථ 20කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට පැමිණි බව වාර්තා වූ අතර 11 වැනි මහලතෙක් නිවැසියන් ඉවත් කිරීමට හැකි වූ බව ගිනිනිවන භටයෝ කීහ.
“මම අළුවලින් වැහුණු. මම හිටියේ මීටර 100ක් විතර දුරින්. කියන්න බැරි තරම් අළු ප්‍රමාණයක්. බොහෝ අය විදුලි පන්දම් දල්වා සංඥා දක්වනවා පේන්න තිබුණා. ඔවුන්ට එළියට එන්න බැහැ” යැයි ‘චැනල් 4’ රූපවාහිනි නාලිකාවේ ඉදිරිපත් කරන්නකු වන ජෝර්ජ් ක්ලාක් පැවැසීය.
“කොතරම් ප්‍රමාණයකට තුවාල වෙලාද කොතරම් ප්‍රමාණයක් මරණයට පත්වුණාද කියන්න බැහැ. මේ ගොඩනැගිල්ලේ විශාලත්වය අනුව විශාල පිරිසක් ඉන්න ඇති” යැයි ලන්ඩන් ගිනි නිවන ඒකකයේ කොමසාරිස් ඩැනි කොට්න් පැවැසුවාය.
“මේක කවදාවත් නොවුණු දෙයක්. මම මෙහෙම දෙයක් දැකලා නැහැ. මම අවුරුදු 29ක් ගිනිනිවන භටයකු ලෙස කටයුතු කළා. එහෙත් මෙතරම් විශාල ගින්නක් මෙච්චර කාලයකට දැක්කේ නැහැ. ඒ වගේම තවමත් අපි මේ ගන්නට හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ” යැයි ද ඇය කීවාය.
මෙම නිවාස සංකීර්ණය ඉදි කර ඇත්තේ 1974 වසරේදීය. කෙසේ නමුත් මෑතකදී මෙම ගොඩනැගිලි සංකීර්ණය නවීකරණය කර තිබෙන අතර නව තාප පද්ධතියක් සහ උණුවතුර පද්ධතියක් එක් කර තිබේ. නවීකරණ කටයුතුවලට පවුම් මිලියන 8.7ක මුදලක් වැය වී තිබෙන අතර නවීකරණ කටයුතු අවසන් වී ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේදීය.
අලුත්වැඩියා කටයුතුවලදී එකතු වූ කසළ ගොඩගැසීම නිසා ගින්නක් ඇති වීමේ අවදානමක් තිබෙන බවට මීට වසරකට පෙර ප්‍රදේශවාසීන් අනතුරු ඇඟ වූ බව ද වාර්තා විය.
ඒ.එෆ්.පී/රොයිටර් - 055
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩන් ගින්නෙන් 12ක් මරුට : 65කට තුවාල