සිය සැමියාද දරුවාද අතහැර දමා මීයන් රංචුවක් සමග ජීවත් වන කාන්තාවක් බ්‍රිතානයයේ සිටී.

චන්ටල් බෑන්ක්ස් වූයේ කරදර වලින් තොර දිවියක් ගත කළාය.හොද සැමියෙක් හා පවුලේ එකම දරුවා වූ පුතණුවන් සමග ඇය සතුටින් කාලය ගෙවමින් සිටියාය.දිනක් මීයකු  සුරතලෙකු ලෙස ඇතිකිරීමට ඇයට ආශාවක් ඇති විය. සැමියාද අකැමැත්තෙන් හෝ ඊට අවසර දෙන්නේ සිය බිරිදගේ සතුටඑය වන බැවිනි.

සියල්ල කණපිට පෙරැළෙන්නේ චන්ටල්ගේ මීයන් 19 දෙනෙකු සුරතලූන් ලෙස හදාවඩා ගැනීම දක්වා දුරදිග යාමෙන් පසුවය. සැමියා හා දරුවා සම්පූර්ණයෙන් අමතක කර දමන ඇය සිය සුරතලූන් රංචුවත් සමගම කාලය ගෙවීමට පෙළැඹෙන්නේ උන් මිනිසුන්ට වඩා තමන් හොදින් තේරුම් ගන්නවා යැයි නිදහසට කරුණුද ඉදිරිපත් කරමිනි.තව දුරටත් සිය සැමියා චෙස්ටර් හා පුතනුවන් වන කෙවින් සමග ජීවත් වීමට නොහැකි යැයි පවසන ඇය නිවසින් නික්ම ගොස් තට්ටු නිවාසයක පදිංචි වන්නේ සිය සුරතලූන් රොත්තද සමගය.

‘‘මට සහෝදර සහෝදරියන් කියල හිටියේ මීයෝ‘‘යැයි පවසන්නේ චන්ටල්ගේ පුතනුවන් වන කෙවින්ය.

‘‘චන්ටල් සමහර වෙලාවට මටත් හොරෙන් මීයන්  මිලදී ගෙන පැමිණෙනවා.ඇය උන් සගවාගෙනයි ඇති දැඩි කළේ.පස්සේ එළිපිටම ඔක්කොම කරන්න ගත්තා.මට මීයන්  පේන්න බැහැ.නමුත් ඇයගේ ආශාව නිසා ඉඩ දීලා සිටියා.නමුත් ඇය තව තවත් මීයන්ටම‘‘ඇබ්බැහි‘‘වීම හැර වෙන දෙයක් වුනේ නැහැ.අප එක්ක ජීවත් වෙන්න බැහැ කියලා දැන් ඇය අප අත්හැරලා ගිහින්.නමුත් මම තවමත් විශ්වාස කරනවා ඇය කවදා හෝ අප වෙතම පැමිණෙයි කියලා‘‘යැයි කියන්නේ චන්ටල්ගේ සැමියා වන චෙස්ටර්ය.

ආහාර ගැනීම,නිදා ගැනීම ආදී සියලූ දෛනික රාජකාරි සියල්ලක්ම චන්ටල් දැන් කරනුයේ සිය සුරතලූන් රෑන සමගය.

‘‘මගේ සැමියාට මගෙයි මගේ සුරතලූන්ගෙයි අතර පවතින බැදීම තේරුම් ගන්න බැහැ.ඔහු මගේ සුරතලූන්ට හරිහැටි සළකන්නෙත් නැහැ.මිනිස්සුන්ට වඩා මේ සතුන් මම කවුද යන්න තේරුම් අරන් තියනවා.මම අඩද්දී මගේ කදුළු පවා ඔවුන් පිස දමනවා.අප ආහාර ගන්නේත් එකට.මට ආයේ මිනිස්සුත් එක්ක වාසය කරන්න කිසිම අදහසක් නැහැ‘‘චන්ටල් පවසයි.

සිය සුරතලූන්ට ‘‘මිනිස්‘‘නම් පවා තැබීමට චන්ටල් කටයුතු කර තිබේ.සිය සුරතලූන්ගෙන් තොර ලොවක් සිතීමට පවා තමාට දැන් නොහැකි බව චන්ටල් කියයි.