ස්තී‍්‍ර දුෂණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි නුවර කාන්තාවන්ට පිහියා බෙදා දීමට එරට අන්ත දක්ෂිණාංශික දැඩිමතධාරී ශිව්සේනා පක්ෂය ඊයේ (24) පියවර ගත්තේය.
පිහියා බෙදා දීම සිදුවුණේ ඉකුත් නොවැම්බරයේ එම පක්ෂයේ නායක අභාවප‍්‍රාප්ත ලාල් තැකරේගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති විශේෂ ගුණ සමරු උත්සවයකදීය.
ශිව්සේනා පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාජික අජේ චෞද්‍රි පිහියා බෙදා දෙමින් සිටියේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය පුරා කාන්තාවන්ට පිහියා 21,000 ක් බෙදා දීමට තම පක්ෂය සූදානම් බවය.
කාන්තාවන්ට සිදුවන අපරාධ සහ ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මුළුමහත් ඉන්දියාවම කැළැඹී ගියේ ඉකුත් දෙසැම්බරයේ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක නවදිල්ලි නුවර බස් රියක් තුළ සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වී බරපතල තුවාල ලබා පසුව මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. ඒ සම්බන්ධ කඩිනම් නඩු විභාගය විශේෂ අධිකරණයක් ඉදිරියේ ඊයේ (24) ආරම්භ විය.
|
පිහියා ලබාගැනීමට පොරකන කතුන් |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක එච්චර සුභ නැහැ (දී)
මේ වයසක අයට මොකට පිහි දෙනවද ?? කෝ කෝ තරුණ අයයි මහළු අයයි දෙපැත්කට වෙන්න. මේක ඉක්මනට බෙදලා දෙන්න (ස)
අපේ රටෙත් මේ වැඩේ පටන් ගත්තොත් තමයි හොඳ. (නි)
මමනම් අනුමත කරන්නේ නැහැ. මතකයි නේ ඇමරිකාවේ (දී)
ඒ වැඩේ නම් එච්චර හොද නැහැ (දී)
ඒක හොඳයි. මුලින්ම අල්ලලා කපලා දැම්මා නම් ආයේ කරදර කවදාවත් ඇති වෙන එකක් නැහැ. (නි)
ආත්ම ආරක්ෂාවට (දී)
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නේ නැහැ (දී)
වයස හැට හැත්තෑවේ අයත් මොකටද පිහි ගන්න ඇවිත් තියෙන්නේ. ඒ අයටත් කරදර වෙනවද ? (ස)
මේකත් හරියට හිසේරදේට කොට්ටය මාරුකරනවා වගෙයි. (නි)
පුලාන් දෙවියනේ, භාරත කතුන්ගේ වටිනාකම දැනුයි තේරෙන්නේ. (නි)
පිහි දීලා සමාජය හදන්න බැහැ, සදාචාරය පිරිහිලා (දී)
ඔච්චර මිරිස් තියෙන රටේ අත්හදා බලන්නත් එක්ක සැර මිරිස් තලපයක් හැම ගෑනු කෙනාටම දුන්නා නම් හොඳ නේද? (නි)
පිහි ගන්න ඇවිත් ඉන්න කට්ටිය නියමයි නේද? (නි)
කාන්තාවන්ට පිහියෙන් තමන්ගේ ආරක්ෂාව සළසා ගන්න පුළුවං ද?(නු)
අර කියන්න වගේ නරකද තවටිකක් අත්හදා බැලීමක් කළොත් මොකක්හරි ආවරණයක් ගැන. (නි)
ඇයි කඩුවක් හොද නැද්ද? (නි)
කඩු පිහි තියා මොනවා බෙදුවත් අවශ්‍යතාවය ඇති කෙනා මොන විදියෙන් හරි ඒ දේ කරනවා. (නි)
අපේ රටට නම් ඔය පිහි, කඩු හරියන්නෙ නැහැ. දෙනවා නම් දෙන්න ඕනෑ පිස්ටල් එකක්. (නි)
මේකෙන් අන්තිමට තමන්ගේ මිනිහමත් පිහිපාර කයිද දන්නෙ නැහැ. (නි)
මෙහාටත් ඔය විසදුම ගෙනාවා නම් හරිනේ. (නි)
ඇයි පිහියක්? මීට වඩා ටිකක් ප්‍රායෝගික දෙයක් දුන්නා නම් ආසන්නයට එන්නට කලින්ම ප්‍රතික්‍රියාව දක්වන්න පුළුවන්. (නි)
මට නම් හිතෙන්නේ යකඩ ආවරණයක් වගේ දෙයක් අත්හදා බලන්න කාලය හරි කියලා. (නි)
අනෙක් මිනිස්සු පරිස්සම් වෙන්න (දී)
මරබියට පිහි මතක් වෙයිද? හදිසි අනතුරු නලාවකුත් දුන්නොත් මොකද? ආරක්ෂක යට ඇදුම් එහෙමත්... (නි)
දැන් කට්ටිය බය වෙලා ඇති (ස)
අපේ අයට නම් දෙනවා නම් දෙන්න ඕනෑ ගිරයක් වගේ එකක්. (නි)
කේන්ති ගියාම අනීද දන්නේ නැහැ. (දී)
ඊට වඩා හොද විසදුමක් දෙන්න තිබ්බ (දී)