(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු එෆ්.බී.අයි ඉහළ නිලධාරියකු වූ චාල්ස් මැක්ගොනිගල් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර නැවත ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ එෆ්.බී.අයි නිව් යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇති රුසියානු බිලියනපතියකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ සබඳතා පවත්වමින් සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් චාල්ස් මැක්ගොනිගල් අත් අඩංගුවට ගෙන ඇත.ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර පසුගිය (21) වැනිදා ජෝන්.එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණි චාල්ස් මැක්ගොනිගල් මෙසේ එෆ්.බී.අයි නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්ව තිබේ.
පසුගිය (23) වැනිදා මැන්හැටන් අධිකරණයේදී ඔහුට චෝදනා හතරක් ගොනුකර තිබූ අතර නඩු විභාගයේදී එම චෝදනා සියල්ලටම තමන් නිවැරදි කරු යැයි ප්‍රකාශ කර ඇත.එහිදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක බැඳුම්කරයක් මත චාල්ස් මැක්ගොනිගල්ට ඇප ලබා දීමටත් සංචාරක සීමා පැනවීමටත් විනිසුරුවරයා නියෝග කළ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මුණ ගැසීමද තහනම් කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලංකාවට ඇවිත් ගිය හිටපු එෆ්.බී.අයි ලොක්කා අත්අඩංගුවට
Senarath Friday, 27 January 2023 12:56 PM
අපේ උදවිය දන්නවද දන්නේ නැහැ මෙයා ආපු බව...?