
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු එෆ්.බී.අයි ඉහළ නිලධාරියකු වූ චාල්ස් මැක්ගොනිගල් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර නැවත ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ එෆ්.බී.අයි නිව් යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇති රුසියානු බිලියනපතියකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ සබඳතා පවත්වමින් සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් චාල්ස් මැක්ගොනිගල් අත් අඩංගුවට ගෙන ඇත.ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර පසුගිය (21) වැනිදා ජෝන්.එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණි චාල්ස් මැක්ගොනිගල් මෙසේ එෆ්.බී.අයි නිලධාරීන්ගේ අත් අඩංගුවට පත්ව තිබේ.
පසුගිය (23) වැනිදා මැන්හැටන් අධිකරණයේදී ඔහුට චෝදනා හතරක් ගොනුකර තිබූ අතර නඩු විභාගයේදී එම චෝදනා සියල්ලටම තමන් නිවැරදි කරු යැයි ප්‍රකාශ කර ඇත.එහිදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක බැඳුම්කරයක් මත චාල්ස් මැක්ගොනිගල්ට ඇප ලබා දීමටත් සංචාරක සීමා පැනවීමටත් විනිසුරුවරයා නියෝග කළ අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මුණ ගැසීමද තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උදවිය දන්නවද දන්නේ නැහැ මෙයා ආපු බව...?