IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලෝක විනාශයෙන් ගැලවෙන්න ප‍්‍රංශයේ බුගාරැක් කඳුකරයට පිවිසීම තහනම්

ලෝක විනාශයෙන් දිවි ගලවා ගැනීමට යැයි පවසමින් ප‍්‍රංශයේ බුගාරැක් නගරයේ පිහිටි කන්දට පැමිණීම තහනම් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. අද ලෝක විනාශය සිදු වන බවට විශ්වාස කරන පිරිස් පවසන්නේ ප‍්‍රංශයේ බුගාරැක් නගරය තම දිවි ගලවා ගැනීමට ඇති එකම ස්ථානය බවයි. තමන් බුගාරැක් වෙත පැමිණ එම නගරය ආසන්නයේ පිහිටි කඳුකරයට ගියහොත් එහි සිටින පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් ඔවුන්ගේ දිවි ගලවා ගනු ඇති බවට එම පිරිස් විශ්වාස කරති. මුළු ලෝකයම විනාශ වෙනවා නම් පිටසක්වළ ජීවීන් පමණක් ඉතිරි වන්නේ කෙසේදැයි 189 දෙනෙක් වාසය කරන බුගාරැක්හි නගරාධිපතිවරයා ප‍්‍රශ්න කරයි. ‘‘මා ලෝකයෙන් ඉල්ලා සිටින්නේ බුගාරැක් වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි. මිනිසුන් දසදහසක් මේ නගරයට පැමිණිය හොත් එය අපට හිරිහැරයක්.’’ යැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. ඉදිරි දින දෙක තුළ දී බුගාරැක් නගරයට හෝ ඒ ආසන්නයේ පිහිටි කඳුකරයට ඇතුළුවීම තහනම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

ලෝක විනාශයෙන් ගැලවෙන්න ප‍්‍රංශයේ බුගාරැක් කඳුකරයට පිවිසීම තහනම්

අජිත් Saturday, 22 December 2012 07:48 AM

මිත්‍යා මත විශ්වාස කරන්න එපා මිනිසුනේ. (නි)

:       0       0

ආනන්ද Friday, 21 December 2012 03:54 PM

මෙහෙම මෝඩ මිනිස්සුනම් පිටසක්වලටම තමයි ගැලපෙන්නේ (ස)

:       0       0

ඉෂාර Saturday, 22 December 2012 08:52 AM

බොරු කතා වලට රැවටෙන්න එපා මිනිසුනේ .බුද්ධිමත්ව සිතන්න (ස)

:       0       0

මනෝජ් Friday, 21 December 2012 05:10 PM

‍ලෝක විනාශ‍යෙන් ‍බේ‍‍රෙන්න නම් අයිෆල් කුළුනට නගින්න ඕන..!(නු)

:       0       0

‍‍සෙනරත් Friday, 21 December 2012 05:43 PM

‍‍මේ කන්‍‍‍දෙ පිටසක්වල ජීවින් ඉන්නවාද කියලා ‍හොදට ‍හොයලා බලන්න ඕන.. වීසා නැතිව අපට යන්න බැරි ප්‍රංශයට ‍‍කො‍‍හොමද පිටසක්වල ජීවීන් ආ‍වෙ..!(නු)

:       0       0

සුමේද Saturday, 22 December 2012 12:14 PM

ලංකාව හොඳයි වගේ (ස)

:       0       0

ලක්ෂිත Sunday, 23 December 2012 01:02 AM

කොහෙත් මෙහෙම අය ඉන්නවා. (නි)

:       0       0

ලක්ෂිත Sunday, 23 December 2012 01:06 AM

අයියෝ අපිට වාසනාවක් නැහැනේ. (නි)

:       0       0

ආසිරි Saturday, 22 December 2012 02:34 PM

මේක ප්‍රංශයක් නෙමෙයි අප්‍රභංශයක් (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 21 December 2012 01:03 PM

මොලේ නැති කට්ටිය හඳුනාගන්න හොඳ අවස්ථාවක් (ස)

:       0       0

සුනිල් Saturday, 22 December 2012 03:18 PM

ලැජ්ජයි. කෝ උනාද (දී)

:       0       0

අමිදුම් Friday, 21 December 2012 10:55 PM

මිත්‍යාවන්...!(නු)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:32 PM

මැරෙන්න තියෙනවානම් කොහේ හිටියත් මැරෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site