ලෝක විනාශයෙන් දිවි ගලවා ගැනීමට යැයි පවසමින් ප‍්‍රංශයේ බුගාරැක් නගරයේ පිහිටි කන්දට පැමිණීම තහනම් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. අද ලෝක විනාශය සිදු වන බවට විශ්වාස කරන පිරිස් පවසන්නේ ප‍්‍රංශයේ බුගාරැක් නගරය තම දිවි ගලවා ගැනීමට ඇති එකම ස්ථානය බවයි. තමන් බුගාරැක් වෙත පැමිණ එම නගරය ආසන්නයේ පිහිටි කඳුකරයට ගියහොත් එහි සිටින පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් ඔවුන්ගේ දිවි ගලවා ගනු ඇති බවට එම පිරිස් විශ්වාස කරති. මුළු ලෝකයම විනාශ වෙනවා නම් පිටසක්වළ ජීවීන් පමණක් ඉතිරි වන්නේ කෙසේදැයි 189 දෙනෙක් වාසය කරන බුගාරැක්හි නගරාධිපතිවරයා ප‍්‍රශ්න කරයි. ‘‘මා ලෝකයෙන් ඉල්ලා සිටින්නේ බුගාරැක් වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි. මිනිසුන් දසදහසක් මේ නගරයට පැමිණිය හොත් එය අපට හිරිහැරයක්.’’ යැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. ඉදිරි දින දෙක තුළ දී බුගාරැක් නගරයට හෝ ඒ ආසන්නයේ පිහිටි කඳුකරයට ඇතුළුවීම තහනම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යා මත විශ්වාස කරන්න එපා මිනිසුනේ. (නි)
මෙහෙම මෝඩ මිනිස්සුනම් පිටසක්වලටම තමයි ගැලපෙන්නේ (ස)
බොරු කතා වලට රැවටෙන්න එපා මිනිසුනේ .බුද්ධිමත්ව සිතන්න (ස)
ලෝක විනාශයෙන් බේරෙන්න නම් අයිෆල් කුළුනට නගින්න ඕන..!(නු)
මේ කන්‍දෙ පිටසක්වල ජීවින් ඉන්නවාද කියලා හොදට හොයලා බලන්න ඕන.. වීසා නැතිව අපට යන්න බැරි ප්‍රංශයට කොහොමද පිටසක්වල ජීවීන් ආවෙ..!(නු)
ලංකාව හොඳයි වගේ (ස)
කොහෙත් මෙහෙම අය ඉන්නවා. (නි)
අයියෝ අපිට වාසනාවක් නැහැනේ. (නි)
මේක ප්‍රංශයක් නෙමෙයි අප්‍රභංශයක් (ස)
මොලේ නැති කට්ටිය හඳුනාගන්න හොඳ අවස්ථාවක් (ස)
ලැජ්ජයි. කෝ උනාද (දී)
මිත්‍යාවන්...!(නු)
මැරෙන්න තියෙනවානම් කොහේ හිටියත් මැරෙනවා (ස)