ඉන්දුනීසියාවේ බාලිදුපතේ පැවැත්වුණු 2013 ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කර ගැනීමට පිලිපීපනයේ 23 හැවිරිදි ‘මේගන් යං’ සමත් වුවාය. තරගකාරිනියන් 127 දෙනෙකු සමග තරග වැදුණු ඇය මෙතෙක් බිහිවුණු  හොඳම රූ රැජින වන බවට ප‍්‍රතිඥා දී කිරුළ පැළැදගත්තාය.

තරගාවලියේ දෙවැනි ස්ථානය ප‍්‍රංශ ජාතික විසි හැවිරිදි ‘මැරින් ලෝෆෙලින්’ හා තෙවැන ස්ථානය ඝානාවේ 22 හැවිරිදි ‘කැරන්සාර් නා ඔක්ලි’ හිමි කර ගත්හ.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වුයේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරය. මුස්ලිම් ජාතීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් දැඩි ආරක්ෂාව මැද  එය බාලි දුපතේ පැවැත්වීමට සිදු විය.