IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලෝක බලවතුන් සමඟ සාකච්ඡා බිඳ වැටේ: ඉරාන සම්බාධක ලිහිල් කරන්නේ නෑ

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතුන් සහ ඉරාන නියෝජිතයන් අතර පෙරේදා (27) කසක්ස්ථානයේ ඔල්මාටි නුවරදී පැවැත්වුණු සාකච්ඡා අසාර්ථක වූ බවත් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක තව දුරටත් කි‍්‍රයාත්මක වන බවත් ඇමෙරිකාව පවසයි.
එම සාකච්ඡා ආරම්භ කරමින්, ඇමෙරිකාව කියා සිටියේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු පාලනයකින් සිදු කිරීමට එකඟ වුවහොත්, එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට තමන් පියවර ගන්නා බවය.
ඉකුත් 26 වැනිදා ආරම්භ වුණු එම සමුළුවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා වන ඇමෙරිකාවට, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, රුසියාව, චීනය මෙන්ම ජර්මන් නියෝජිතයෝද සහභාගී වූහ.
තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ, න්‍යෂ්ටික අවි නිපදවීමට තමන්ට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරානය එම සමුළුවේදී ද අවධාරණය කළේය.
ඉරාන නියෝජිතයන් සමඟ මීළඟ සාකච්ඡා වටය මාර්තු 10 වැනිදා ඉස්තාම්බුල් නුවරදී පැවැත් වෙනු ඇත.
ඉරානය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදන්නේ නැති බවත් බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස එම වැඩසටහන ආරම්භ කළ බවත්ය. 
එම අවස්ථාවේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම ඊශ‍්‍රායලය ද  තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවය. 
ඉරානයට එරෙහිව ඇමෙරිකාව, එක්සත් ජාතීනන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කළේ ඒ අනුවය.
සම්බාධක යොදා ලොවෙන් හුදෙකලා වී සිටියත් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනින් පමණක් නොව අභ්‍යවකාශ වැඩසටහනින් ද විශාල ප‍්‍රගතියක් ලබා සිටී. 
මේ අතර න්‍යෂ්ටික වැඩසටහන යටතේ බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික බලාගාරවල ප‍්‍රතිකි‍්‍රයාකාරක බල ගැන්වීමට ඉන්ධන ලෙස යොදා ගැනීමට ද ඉරානය තීරණය කර තිබේ.

සමුළුවට සහභාගී වූ ඉරාන විදේශ කටයුතු ඇමැති අලී අක්බාර් සාලේ (වමේ) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් හමුවෙමින්...

 



අදහස් (0)

ලෝක බලවතුන් සමඟ සාකච්ඡා බිඳ වැටේ: ඉරාන සම්බාධක ලිහිල් කරන්නේ නෑ

ලක්ෂාන් Friday, 01 March 2013 09:02 PM

තවත් මොකටද සාකච්ඡා? (නි)

:       0       0

සෑම් Sunday, 03 March 2013 07:58 PM

සිංහලයා මෙහෙම හිතුවට අපි මොනවා කරන්නද? (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 01 March 2013 11:44 PM

වර්ෂ දෙදහස් පනහ වෙනකොට ලොව බහුතර පාලනය මුස්ලිම්වරුන්ට හිමිවෙනවාලු. ඔයාලට බයහිතෙන්නේ නැද්ද ? (නි)

:       0       0

රිෆායි Sunday, 03 March 2013 10:23 PM

බටහිර අනසකට නැති තෙල් රටවල්රටවල් දෙකකි. 1 . සිරියාව 2 . ඉරානය දැන් සිරියාවට කුරුමානම අල්ලා හමාරය. ඊලග කුරුමානම ???? මෙය තුන්වන ලෝක යුද්ධයක් විය හැක. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 02 March 2013 05:12 PM

සී...ෂී...ෂී..සිල්වා එහෙම කියන එක හරිනැහැනේ. (නි)

:       0       0

සූකිරි Friday, 01 March 2013 12:29 PM

පුරානයේ ඉරාණය කියන්නේ පර්සියාව. මැද පෙරදිග රටවලට බලපෑම් කරන්නේත් ඉරානයෙන්. මෙවැනි අය ලෝක බලවත්තු වීම ලොවටම තර්ජනයක්. (නදී)

:       0       0

සෙනරත් Friday, 01 March 2013 12:56 PM

මුළු මැද පෙරදිගම මුස්ලිම් කොළහල දියත් කලේ ඉරානයයි.. මුස්ලිම් මිනිස්සුයි.. පිල් බෙදුවේ ඉරානයයි.. (ස)

:       0       0

සිල්වා Friday, 01 March 2013 01:24 PM

සෙනරත්, මුස්ලිම් අය ලංකාවේ ඇතුලේ ගෙනයන කූට ක්‍රියා ගැන ඔබට වැටහීමක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site