සුපුරුදු යකඩ රාමුව වෙනුවට දැව රාමුවකින් සමන්විත පාපැදියක් ඇමරිකාවේ කොනර් වුඩ් පාපැදි සමාගම සමත්ව තිබේ.
ඔවුන් සදහන් කරන ආකාරයට සුමුදු සුවපහසු ගමනක අත්දැකීම මේ බයිසිකලයෙන් ලබා ගත හැකි වනවා සේම සම්පූර්ණයෙන්ම ලී වලින් නිමවා අලංකාරව හැඩ ගන්වා ඇති බැවින් පාපැදිය කලා කෘතියත් ලෙස හැදින්වීමට හැකියාවද ඇත.
පාපැදිය තැනීමට දැවවලට අමතරව කෙව්ලාර් නම් වෙඩි නොවදින කබා නිපදවීමට පවා භාවිතා කරන තන්තුමය (ෆයිබර්) ද්‍රව්‍යයක්ද එක් කිරීමට නිශ්පාදකයන් කටයුතු කර ඇත. එනිසා දැවයෙන් තැනුවද රාමුව ඉතා ශක්තිමත්ය.මෙනිසා පාපැදියේ හිමිකරුවන්ට පාපැදියේ ආරක්ෂාව ගැන කළබල වීම අනවශ්‍ය යැයි නිශ්පාදකයන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බයිසිකලේට බ්රේක් නැහැ.(නදී)
හොඳ නව නිෂ්පාදනයක් නේ. (ස)
මේකේ ගියොත් ඉතින් අත පය නැතුව තමයි එන්න වෙන්නේ, බ්රේක් නැති නිසා. අනික මේක ලංකාවට නම් එවන්න හිතන්නවත් එපා. අපේ මේ ඉතුරු වෙලා තියෙන ගස් ටිකටත් දෙවියන්ගේම පිහිට තමයි (නි)
සයිකලේ ලීයෙන් හැදුවට කමක් නැහැ. රෝද නම් ලීයෙන් හදන්න හිතන්නවත් එපා! අපේ රබර් ටික කොට උඩ යයි.(නදී)