රැකියා සොයා ගැනීමට අමුතුම උපක‍්‍රමයක් භාවිතා කරනා පිරිසක් ගැන වාර්තා වන්නේ ඩෙන්මාර්කයෙනි.
ඩෙන්මාර්කයේ කොපන්හෙගන් නගරයේ ප‍්‍රධාන වීදියකට මුහුණලා පිහිටි වෙළද හලක ප‍්‍රදර්ශන කුටියකට පිවිසෙන ඔවුන් දවස පුරා එහි රැදෙමින් තම තමන් ‘‘අලෙවි‘‘ කැර ගනියි.
මේ ප‍්‍රදර්ශන කුටියට වරකට පිවිසිය හැක්කේ එක් අයෙකුට පමණි.කුටියේදී තමන් කැමති ලෙස සිය ශිල්ප පෙන්වීමේ හැකියාව ලබා දී ඇත.මේ සියල්ල සිදුවෙද්දී අදාළ තැනැත්තාගේ සුදුසුකම් ඇතුළත් පුවරුවක් පිටත සිටින්නවුන්ට පෙනෙන පරිදි තැබීය.
මේ සංකල්පය පසුපස සිටින්නේ ඩෙන්මාර්කයේ වෙළද ප‍්‍රවර්ධන ආයතනයකි.ඔවුන් සදහන් කරන ආකාරයට සිය සේවාදායකයන් කිහිප දෙනෙකුටම මේ ක‍්‍රමය මාර්ගයෙන් රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.
මෙම ක‍්‍රමය යොදාගෙන රැකියා සොයාගැනීමට වඩාත්ම පැමිණෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයින් බවද සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ රටේ කට්ටියට රැකියා ඉල්ලලා කැ ගහන්නේ නැතුව රැකියා හොයා ගන්න ක්‍රමයක්. කොයි රටෙත් උපාධි ගත්තා කියලා රැකියා දෙන්නේ නැහැ. රජයෙන් රැකියා ලැබෙනකන් ඉන්නේ නැතුව තමන්ගේ කුසලතා වර්දනය කර ගන්න (නි)