රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහි මහා විරෝධතා රැළියක් සංවිධානය කළ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් කිහිප දෙනකුගේ නිවාස ඊයේ (11) හදිසි සෝදිසි කිරීමකට ලක් විය. ආයුධ සන්නද්ධ පොලිස් බලඇණි කිහිපයක් හදිසියේ නිවෙස්වලට කඩා වැදී පැය කීපයක් සෝදිසි මෙහෙයුම්වල නියැළුණු බව රුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි. විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් වන ඇලෙක්සි නවෝල්නී, ඉල්යා යාසීන් සහ සර්ගේ යුඩෝල්ට්සෝව්ගේ නිවෙස්වලට ද පොලිසිය කඩා වැදී ඇතැයි වාර්තා වේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන නවෝල්නී සහ යුඩෝල්ට්සෝව් මීට පෙර අවස්ථා කීපයකදී විරෝධතා රැළි සංවිධානය කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූහ. සමාජ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කළ විරෝධතා සංවිධායකයන් කිහිප දෙනකු හඳුනාගෙන ඔවුන්ගේ නිවාස හදිසි වැටලීමකට ලක් කළ බව මොස්කව් පොලිසිය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියාවේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ නිවාස හදිසියේම සෝදිසියට
සමන් from melbourne Thursday, 14 June 2012 06:19 PM
එතකොට NGO ඩොලර් කාක්කෝ එහෙත් ඉන්නවා එහෙනම්
ලක්ෂාන් Wednesday, 13 June 2012 08:52 AM
තමන්ගේ රටට ආදරේ නැති දුෂ්ඨයින්ට දඩුවම් කිරීමේ කිසිම වැරැද්දක් නෑ