IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුසියාවේ ගංවතුරින් 135 දෙනෙක් මරුට

දකුණුදිග රුසියාවට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ප‍්‍රදේශ රැසක හදිසි ජල ගැලීම් හටගෙන ඇති අතර පුද්ගලයෝ 135 දෙනෙක් ඊට බිලිවූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජල ගැලීම්වලින් වඩාත් හානි සිදුවූයේ ක‍්‍රැසෙන්ඩෝර් ප‍්‍රාන්තයටය. ක‍්‍රැසෙන්ඩෝර් ප‍්‍රාන්තය කි‍්‍රස්මික් නගරයේ පමණක් 67 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව බලධාරීහු පවසති. රුසියානු පුවත් සේවා වාර්තා කළ අන්දමට රුසියා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙයයි. මහ වැසි සමඟ හමා යන ප‍්‍රචණ්ඩ සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග අවහිර වී ඇති අතර විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී තිබේ. රුසියානු බලධාරීන් ප‍්‍රකාශ කළේ විපතට පත් වූවන්ට සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ආධාර කිරීමට සහන සේවකයන් 1,500 දෙනකු යොදවා ඇති බවය. මීට අමතරව අවදානම් ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හමුදාව යොදවා ඇතැයි ද වාර්තා වේ. සියයකට ආසන්න පිරිසක් මේ වනවිට අතුරුදන්ව ඇති බවත් එම පිරිස සෙවීමට සහන සේවා නිලධාරීන් යුහුසුළුව කටයුතු කරන බවත් රුසියානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.



අදහස් (0)

රුසියාවේ ගංවතුරින් 135 දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site