IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


රුසියානුවන්ට අනතුරු ඇඟවීමක්

රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යද්දී, ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසියන් රජය එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් මෙසේ පිරිහී ගොස් ඇත්තේ, 1962 වසරේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසුව බවය. 

ඇයිහොඳයිකම් පළුදුවීමට හේතුව, රුසියන් යුක්රේන යුද්ධය යැයි ද පැවැසෙයි. මේ වනවිට ඇමෙරිකාවත් රුසියාවත් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ බියක් ද හටගෙන ඇත.

“අප කැමතියි අපේ රුසියන් වැසියන්ට අනතුරු අඟවීමක් කරන්න. ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යෑමෙන් වළකිනවා නම් වඩා හොඳයි. ඒත් ඔබ එසේ යනවා නම් කල්පනාකාරී වෙන්න ඕනෑ. ඔබට අනතුරක් වීමේ අවදානමක් තිබෙනවා” යැයි රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා පැහැදිලි කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ජෝ බයිඩන් රුසියන් යුක්රේන යුද්ධයේ දී දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කළ අයෙකි. බයිඩන් පරිපාලනය යුක්රේනයට ලබා දී ඇති යුධ ආධාර ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 62 කි.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වූ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනා සලකා බලන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර ඇත.



අදහස් (0)

රුසියානුවන්ට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1321 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site