IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය. 

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු, රුසියාව ඔවුන් සතු මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

රුසියානු හමුදා මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල භාවිතයට ගනිමින් පහර දුන්නේ යුක්රේනයේ දිනිප්‍රෝ නමැති නගරයටය. රුසියන් හමුදා මෙසේ පහර දුන්නේ, යුක්රේනය, ඇමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් ඔවුන්ට ලැබී ඇති දිගු දුර මිසයිල භාවිතයට ගනිමින් රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහර දීම ආරම්භ කර ඇති බැවිනි. 

තමන් ලබා දුන් අවිවලින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහර දෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට අවසර ලබා දී ඇත්තේ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ජෝ බයිඩන්ය.



අදහස් (2)

රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි

බමුණුආරච්චි Friday, 22 November 2024 05:55 AM

යුක්රේනය යුද්ද කරන්නේ අනුන්ගෙන් ඉල්ලා ගත් ආයුධවලින් රුසියාව පහර දෙන්නේ තමන්ගේම ආයුධවලින් ඉදිරියට ට්‍රම්ප්ගේ සපෝර්ට් එක නොලැබී යන්න පුළුවන්.

:       4       32

රම්බොඩ Friday, 22 November 2024 12:01 PM

යන යකා කොරහත් බිඳගෙනම යනවා කියන්නේ මේවට තමයි.

:       2       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site