රුසියාවේ නිෂ්පාදිත නවතම මගී ගුවන් යානයක් මිලදී ගැනීමට ඉන්දුනීසියා ගුවන් සේවය සූදානමින් සිටිද්දී, 50 දෙනකු රැගෙන ගුවන් ගමනක යෙදුණු එම යානය පෙරේදා (9) රාති‍්‍රයේ හිටිහැටියේ අතුරුදන් වූ අතර එහි සුන්බුන් ඊයේ (10) උදෑසන සොයා ගැනීමට සහන සේවා නිලධාරීන්ට හැකිවිණි. යානයේ ගමන් කළ සියල්ලන්ම ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන සේවා නිලධාරීහු පවසති. රුසියාවේ සුකෝයි සමාගමේ නිෂ්පාදනය කළ, ඇන්ජින් දෙකකින් යුත් එම සුඛෝපභෝගී මගී ජෙට් යානය අනතුරට පත් වූයේ අත්හදා බැලීමේ ගුවන් ගමනකට යොදා ගැනීමේදීය. ඉන්දුනීසියා ගුවන් සේවය සුකෝයි ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට සූදානමින් සිටින අතර ගුවන් යානයේ කි‍්‍රයාකාරිත්වය සහ එහි ගමන කෙසේදැයි සොයා බැලීමට සුකෝයි ගුවන් යානා සමාගම එම අත්හදා බැලීමේ ගුවන් ගමන සිදු කළේය. යානය අනතුරට පත්වෙද්දී රුසියා ජාතිකයෝ අට දෙනෙක් එහි සිටියහ. යානය පැදවූයේ රුසියන් ජාතිකයෙකි. එහි කාර්ය මණ්ඩලයට අයත් වූවෝ ද රුසියා ජාතිකයෝය. ඊට අමතරව සුකෝයි සමාගමේ නිලධාරීන් කීප දෙනකු ද ඇමෙරිකන් ජාතිකයකු සහ ප‍්‍රංශ ජාතිකයකුද එහි සිටි අතර සෙසු සියල්ලෝම ඉන්දුනීසියා ජාතිකයෝ වෙති. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ගුවන්තොටුපොළින් ගුවන් ගත වී මිනිත්තු 50 කට පසු, යානය හිටිහැටියේ රේඩාර් තිරවලින් අතුරුදන් වූ බව බලධාරීහු පවසති. අතුරුදන් වෙද්දී ගුවන් යානය මීටර් 2,000 ක් ඉහළින් පියාසර කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කළ සැණින් පෙරේදා රාති‍්‍රය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණු නමුත් යානයේ සුන්බුන් කිසිවක් සොයා ගැනීමට හැකි නොවිය. ගුවන් යානය අතුරුදන් වූ සැණින් ඉන්දුනීසියා ජනාධිපති සුසිලෝ බන්බන් යුදයෝනෝ මාධ්‍ය හමුවේ කියා සිටියේ එය සෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. ඊයේ උදෑසන, සලාක් නමැති ගිනි කන්ද අසල චිජෙරූක් පළාතේ ගන වනාන්තරයක තිබී යානයේ සුන්බුන් හමුවුණේ ඉන්දුනීසියා ගුවන් හමුදාවටය. ඔවුන් වහා එම ස්ථානයට ගොස් සුන්බුන් පරීක්ෂා කළ බව වාර්තා විය. යානය අනතුරට පත්වූයේ කෙසේදැයි සෙවීමට මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ වන විට අනතුරට හේතුව අබිරහසක් බව මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව සේවීමේ පරීක්ෂණ සඳහා සුකෝයි ගුවන් යානා නිෂ්පාදන සමාගමේ පරීක්ෂකවරුන් පිරිසක් ද ඉන්දුනීසියාවට පැමිණීමට නියමිතය. යානයේ පියසැරි දත්ත පටිගත වන කළු පෙට්ටිය සොයා මේ වන විටත් පරීක්ෂණ පැවැත්වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ,දැන් පයින් ගමන් යන්නත් බෑ.
අපෝ,දැන් ගුවන් ගමන් යන්නත් බයේ බෑ
මෙය ඇතැම් විට කාර්මික දෝෂයක් වෙන්න බැරි නැහැ. ඒ උනත් තරිදු මම හිතනවා ඔබ හරි කියා. මට පේන හැටියට අයිමත් සිතල යුද්ඩය ආරම්භ උනා වගේ. කලින් කළා වගේ, ඔවුන් පළමුව ගන්නේ ආර්ථිකය කඩා වැටෙන්න. දන්නවනේ එහෙ නායකයා බලයට එනවිට "හලරිලා"(අපේ රටටත් මෙයා) කී දේවල්. අද බලවත් රටවල් කරන්න තමාගේ ජනතාව ජීවත් කරන්න තවත් ජනතාවක් මරණ එකනේ, ඕක තමයි අද ලෝක දේශපාලනයේ තියෙන්නේ.
වෙනත් බටහිර ගුවන් යානා නිෂ්පාදන සමාගම් වල උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්...