IMG-LOGO

රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුව

රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා අතර සාකච්ඡා තුර්කියේ ඇන්ටල්යා නුවර මේ වන විට ආරම්භ වී ඇත.

මේ දක්වා රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් මේ දක්වා යුක්රේනයේ වැසියන් අවම වශයෙන් 13000 ක් මරණයට පත්ව 1800 ක් මාරාන්තික නොවන තුවාල ලබා ඇති අතර ලක්ෂ 21 ක ජනතාවක් අවතැන් වී ඇත.

එසේම යුක්රේනයේ ගොඩනැගිලි වලට සිදුවී ඇති හානිය ඩොලර් බිලියන 10 පනින බවත් ගොඩනැගිලි 1700 විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම රුසියානු හමුදා සෙබළුන් 4000-6000 ත් අතර පිරිසක් මියගොස් ඇති බව යුක්රේන රජය ප්‍රකාශයට පත් කළත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කලේ මේ වන විට රුසියානු සෙබළුන් 500 ක් මරණයට පත්ව ඇති බවයි.

පසුගිය ද යුක්රේන රජය ප්‍රකාශ කර සිටියේ රුසියානු හමුදා සමග සටන් වැදීමට යුක්රේනයට පැමිණෙන විදේශිකයන්ට යුක්රේන පුරවැසිභාවය ලබාදෙන බවයි.

අද දින රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වූ අතර එම නිසා යුරෝපා කවුන්සිලයේ තීරණ තවදුරටත් පිළිපැදීමට රුසියාව බැඳී නැතැයි ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

රුසියන් යුක්රේන විදෙස් ඇමැති හමුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 179 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 96 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1695 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site