පැරණි තාලයේ මෝටර් රථ වලින් පිරුණු ‘රථ සුසාන භූමියක්‘ ඛෙල්ජියමේ වේ.
ඛෙල්ජියමේ චැටිලන් ගම්මානය අසල වන රොදක පිහිටි මේ සුසාන භූමියේ ගාල් කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 100 - 150 කි. ඉන් බොහෝ රිය ඇමරිකාවේ හා යුරෝපයේ නිෂ්පාදිතය.
දෙවැනි ලෝක යුද සමයේදී ඛෙල්ජියමේ ස්ථාන ගත කර සිටි මිත්‍ර පාක්ෂික සෙබළුන් මෙම රිය එකතු කරන්නට ඇතැයි සැක කෙරේ.යුද්ධය අවසන් වී සිය රට ගියද ඔවුනට තමන් එකතු කර ගත් ‘වස්තුව‘ අමතකව ගොස් ඇති බැව් පෙනේ. කාලයාගේ ඇවෑමෙන් දිරාපත්වී ඇති මේ මෝටර රථ වල ගලවා භාවිතයට ගත හැකිව තිබූ සියලූ කොටස්ද මේ වන විට අවට වැසියන් විසින් ගලවාගෙනද අවසන්ය.
කෙසේ වුවත් තවත් කාලයක් මේ සුසාන භූමිය පවතිනු ඇතැයි චැටිලන් ගම් වැසියෝ අපේක්ෂා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පංචිකාවත්තෙන් කට්ටියක් බෙල්ජියමට එවුවා නම් හරි. (නි)
බෙල්ජියම් අය පරණ වාහන වලත් කෑලි ගලවගෙන යනවද? ඒකට බලන්නකෝ ලංකාවේ අපි. අපේ කටුගෙදර තියෙන පැරණි බඩු බාහිරාදිය එහෙම ආරක්ෂා කරන ආකාරය... අපිව ආදර්ශයට අරගෙන හැදෙන්න බලන්න. (නි)
ඛෙල්ජියමට කට්ටිය යවන්න බැරිද දන්නේ නැහැ නේද, යකඩ පටවන්න. (නි)
පව් කාගෙවත් සරණක් නැතුව දිරාපත් වෙනවා (ස)
සුසාන භූමියේ හොල්මන් එහෙම නැහැ නේද? (නි)