IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රොබෝ වේටර චීන අවන්හලක්

රොබෝවරුන්ගෙන් සැදි කාර්යමණ්ඩලයකින් යුතු වූ නව යුගයට  ගැලපෙන අවන්හලක් චීනයේ හෙලියොන්ග්ජියැංග් ප්‍රදේශයේ වේ.

‘හාර්බින්ගේ රොබෝ අවන්හල‘ට ඇතුළුවන්නවුන් පිළිගැනීමට සිටිනා ‘දොරටුපාලක රොබෝවා‘ ආයුබෝවන් පෘථීවි සගයා,රොබෝ අවන්හලට ඔබ සාදරයෙන් පිළිගනිමු‘යනුවෙන් සුභාශිංශනය කරයි. මෙසේ උණුසුම් පිළිගැනීමකින් අනතුරුව අවන්හලට ඇතුල් වන පුද්ගලයින්  ආසන කරා ගෙන යාමේ සිට ආහාරපාන පිරිනැමිීම දක්වා සියලූ කටයුතු කෙරෙන්නේ රොබෝවරුන් අතිනි.කෑම වර්ග 30 කින් පමණ සමන්විත වන ආහාර මෙනුවේ පාරිභෝගිකයාට රුචි වන ආහාර පිළියෙල කර දීමට සමත් දක්ෂ රොබෝ කෝකියෝ පිරිසක්ද මේ රොබෝ කාර්යමණ්ඩලයට අයත්ය.ආහාර සංග්‍රහ කිරීමේ කටයතු භාර රොබෝ වේටර්වරුන් මිනිසුන් මෙන් මුහුණෙන් හැගීම් ප්‍රකාශ කිරීමේ සමත් අතර ආහාරය පිරිනමා සිනහවකින් සංග්‍රහ කිරීමටද   මැලි නොවෙති.

රොබෝවරුන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම පරිගණක මගින් පාලනය කැරෙයි. එනිසා ‘මිනිස්‘ අවන්හලකදී මෙන් කාර්යමණ්ඩලය හා ගැටුම් ඇතිකර ගැනීමේ අවකාශයක් මෙහි නොමැත.තවද අවන්හලෙන් පිටව යන විටදී ‘ටිප්‘ එක ලබා දීමටද කරදර විය යුතු නැත.ඒ මේ රොබෝවරුන් පෘථීවි වාසීන්ගේ මුදල් ගැන උනන්දු නොවන හෙයිනි.



අදහස් (0)

රොබෝ වේටර චීන අවන්හලක්

කුමාරි Sunday, 27 January 2013 11:35 AM

අපේ අය පිටරටක වෙන හැම දෙයකටම ලංකාවේ නරකත් සමග සංසන්දනය කරන්නේ ඇයි ?තමන්ගේ රට පහත් කිරීමේ මානසිකත්වය නිසා තමයි අපේ රටට දියුණුවක් නැත්තේ. (නි)

:       0       0

සෙනරත් Monday, 28 January 2013 05:50 AM

ඒත් පෙනෙන්නේ නම් හරියට සෙල්ෆ් සර්විස් වගේමයි. (නි)

:       0       0

සංජය Sunday, 27 January 2013 12:13 PM

ගාමිණී :-( (නු)

:       0       0

සමන් Monday, 28 January 2013 08:55 AM

රොබෝ ගෘහ සේවිකාවනුත් ලගදීම නිශ්පාදනය වේවා යැයි පතමි. කම්මැලි අරාබි කාරයන්ට එතකොට පැය 24 ම වැඩගත හැකිවෙයි. බෙලි කපන්න වෙන එකකුත් නෑ.(ස)

:       0       0

ලලිත් Saturday, 26 January 2013 09:39 PM

අපේ රටේ මැති ඇමතිවරුන්ගේ වැඩ වලටත් රෝබෝලා දැම්මා නම් හොදයි. (නි)

:       0       0

පහන් Monday, 28 January 2013 09:53 AM

ගාමිණී නියමයි. ඔබත් නිර්මාණ ශීලි කෙනෙක් . (ස)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 10:44 PM

මේක ඉතා හොද නිර්මානයක් නිසා මමත් හිතනවා ලංකාවෙ එකක් පටන්ගන්න.. විදුලිය නැතිව ගියාම පැය ගානක් එකම තැන හිටපු තැනම.. කෑම සීතලවෙයි.. ආගන්තුකයා රොබෝගෙ අම්මටත් බනීවි.. හොරෙන්ම යයි.. අන්තිමේදි පාඩුව මටයි.!(නු)

:       0       0

සෙනෙරත් Sunday, 27 January 2013 09:54 PM

රොබෝ යන්නේ මේ ගමන් මාර්ගයේම විතරද ? (ස)

:       0       0

ගාමිණි Sunday, 27 January 2013 03:21 PM

ඉස්සරහට මොනවා වෙයිද කියන්න බැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site