IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රිපබ්ලිකන් ජනපති අපේක්ෂක රොම්නිගේ ප‍්‍රකාශයට පලස්තීන නායකයෝ කුපිත වෙති

පලස්තීන සංස්කෘතියට වඩා ඊශ‍්‍රායල සංස්කෘතිය ඉහළ යැයි ඇමෙරිකා ජනපතිවරණ අපේක්ෂක රිපබ්ලිකන් පාක්ෂික මිට් රොම්නි කළ ප‍්‍රකාශයක් පලස්තීන නායකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතු වී ඇත. ඊශ‍්‍රායලය ආර්ථික දියුණුවක් ලබා සිටින්නේ පලස්තීනය අභිබවා යන සංස්කෘතියක් ඔවුන්ට ඇති නිසා යැයි ද රොම්නි පවසා ඇත. රොම්නි මේ බව කියා සිටියේ පසුගියදා ඊශ‍්‍රායලයේ සංචාරයකට පැමිණි අවස්ථාවේදීය. රොම්නිගේ එම ප‍්‍රකාශය ජාතිවාදී බවත් ඔහු එය කර ඇත්තේ  මැද පෙරදිග අර්බුද ගැන අවබෝධයකින් තොරව බවත් පලස්තීන ජනාධිපති උපදේශක සාහිඞ් එරකට් පවසයි.



අදහස් (0)

රිපබ්ලිකන් ජනපති අපේක්ෂක රොම්නිගේ ප‍්‍රකාශයට පලස්තීන නායකයෝ කුපිත වෙති

ලාල් Thursday, 02 August 2012 06:27 PM

මම හිතනවා යුදෙවි සංස්කෘතිය පලස්තීන සංස්කෘතියට වඩා හොදයි කියලා...!!(නු)

:       0       0

රැස්ලි Friday, 03 August 2012 10:03 PM

තිලිණ.. ඔබ මොනවද පලසිතීනය ගැන දන්නෙ..?(නු)

:       0       0

සුසිල් Thursday, 02 August 2012 11:43 AM

නලින්ද, හැමෝටම සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. ඔයා අමුතු යුද්ධයක් ඇති කරන්නද හදන්නේ? (නි)

:       0       0

නිමල් Wednesday, 08 August 2012 12:07 AM

කව්රු කෙසේ අදහස් ප්‍රකාශ කළද, පලස්තීන් ජාතිය ඇත්තෙන්ම කුහක, අන්තවාදී මුස්ලිම් අදහස් වලින් පිරුණු ජාතියක්. ඊශ්‍රායලය 100% ක්ම හොදයැයි කියන්නට බැරිවුවත්, බොහෝ අවස්ථා වලදී පලස්තීනය කළේ බලෙන් ඊශ්‍රායලය ප්‍රහාරයන් සදහා පොළබවා ගැනීමයි. අනතුරුව ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ ලෝකයට අවිහිංසක ජාතියක් ලෙස පලස්තීනය ඔවුන් විසින්, ඔවුන්වම හදුන්වා දුන්නහ. පලස්තීනු මුස්ලිම්වරුන් ජෙරුසලෙමේ දේව මාලිගාව ඉදිරියේ එම මාලිගාවට පිටුපා මක්කම දෙසට හැරී වදිනවිට කිනම් ඊශ්‍රායෙල් ජාතිකයෙකුට නම් එය ඉවසිය හැකිද? (නි)

:       0       0

නලින්ද Thursday, 02 August 2012 12:33 PM

සුසිල්, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය හැමදාම කළේ අනිත් සංස්කෘති විනාශ කරලා එයාලගේ සංස්කෘතිය ආරක්ෂා කරන එකයි. එකෙන් බේරෙන්න නම් අපිත් ආපිට ගහන්න ඕනේ 'ආකල්ප' හා 'දැනුමෙන්'. එහෙම නැතුව බටහිරයන් වගේ මිනී මරණ එක නෙවෙයි මම කියන්නේ. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 05 August 2012 03:36 AM

තිළිණ හරි. නලින්දට හරි අවබෝධයක් නැහැ වගෙයි. (නි)

:       0       0

නලින්ද Wednesday, 01 August 2012 09:35 PM

එයා කියලා තියන දේ හරි. හැමදාම ඇමරිකාව කළේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය පෝෂණය කරන එකයි. ඒක අනිත් සංස්කෘති වලට බලයෙන් පටවලා අනිත් සංස්කෘතීන් විනාශ කරන එකයි. එයා ඒක කෙළින් කියල තියනවා. ඕකට කේන්ති අරගෙන විතරක් හරියන්නේ නැහැ. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට දුටු තැන පන්න පන්න ගහන්න ඕනේ! (නි)

:       0       0

අබ්දුල් Wednesday, 01 August 2012 11:39 AM

අද සිදුව පවතිනදේ සම්බන්ධව බොහෝ නායකයන්ට පැහැදිලි අවබෝධයක් ඇත්තේම නැහැ. ඒ නිසා තමයි මෙවැනි වචන ප්‍රකාශ කරන්නේ. (නි)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 02 August 2012 12:37 AM

ඊශ‍්‍රායලය ගැන ඇමෙරිකාවට දිගුකලක පටන් තියෙන්නේ දැඩි මිත්‍රකමක් හා පක්ෂපාතී කමක් නිසා, ජනපතිවරණ අපේක්ෂකයා මොන පක්ෂයෙන් ආවත් ඊශ‍්‍රායලය ගැන ඇත්තේ එකම ආකල්පයක්. ඒකට තමයි කියන්නෙ මේඩ් ඉන් යූ.එස්.ඒ.කියලා. (නි)

:       0       0

තිලිණ Thursday, 02 August 2012 03:06 PM

කව්රු කෙසේ අදහස් ප්‍රකාශ කළද, පලස්තීන් ජාතිය ඇත්තෙන්ම කුහක, අන්තවාදී මුස්ලිම් අදහස් වලින් පිරුණු ජාතියක්. ඊශ්‍රායලය 100% ක්ම හොදයැයි කියන්නට බැරිවුවත්, බොහෝ අවස්ථා වලදී පලස්තීනය කළේ බලෙන් ඊශ්‍රායලය ප්‍රහාරයන් සදහා පොළබවා ගැනීමයි. අනතුරුව ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ ලෝකයට අවිහිංසක ජාතියක් ලෙස පලස්තීනය ඔවුන් විසින්, ඔවුන්වම හදුන්වා දුන්නහ. පලස්තීනු මුස්ලිම්වරුන් ජෙරුසලෙමේ දේව මාලිගාව ඉදිරියේ එම මාලිගාවට පිටුපා මක්කම දෙසට හැරී වදිනවිට කිනම් ඊශ්‍රායෙල් ජාතිකයෙකුටනම් එය ඉවසිය හැකිද? (නි)

:       0       0

රමීස් Friday, 03 August 2012 04:34 PM

මෝඩ කතා කියන්න එපා තිළිණ. (නි)

:       0       0

රිෂාඩ් Thursday, 02 August 2012 09:21 AM

මිනිසුනි, නුඹලා කෙසේ සැනසීමෙන් නිදා ගන්නේද? (නි)

:       0       0

aaa Monday, 06 August 2012 05:20 PM

නලින්ද සියයට සියයක් හරි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site