IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රෝද පුටුවෙන් බැටලුවන් බලයි

ජෝර්දානයේ ‘‘අබෙයිඩ් ‘‘ බැටලූ රෑනක් රැකබලා ගත් බල්ලෙකි.දිනක් අයාලේ යන බල්ලෙක් යැයි සිතා මිනිහෙක්  අබෙයිඩ්ට වෙඩි තැඹිය. අබෙයිඩ්  මළේ නැත.

අබෙයිඩ්ගේ  හිමිකරු අබෙයිඩ් සත්ත්ව රෝහලක් වෙත රැගෙන ගියද ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ දුක් විදිමින් ජීවත් කරවනවාට වඩා අබෙයිඩ්ව මරණයට පත්කරවීම සුදුසු බවයි.එහෙත් ජීවිතය පතා අබෙයිඩ් කරන සටන දුටු ඔවුන් අබෙයිඩ් හට ඉක්මන් ප්‍රතිකාර දීමට කටයුතු කළේය. සිව්පාවාගේ ධෛර්යය ගැන  ඔවුහු මවිතයට පත්වූහ.

 

අබෙයිඩ් සුවපත් කිරීමට වෛද්‍යවරුනට හැකි වුවද උගේ පසුපස දෙපා වල අඩපණ වීය. නැවත වරක් අබෙයිඩ් හට මරණය සුදුසුයැයි තීරණය වුවද රෝහලේ ප්‍රධානියා යෝජනා කළේ අබෙයිඩ් හටම සුවිශේෂී ‘‘රෝද පුටුවක්‘‘ නිර්මාණය කරන ලෙසටයි.මෙය අලූත් අභියෝගයක් සේ භාරගත් සේවක පිරිසද අබෙයිඩ්ට නැවත සිව්පයින් නැගී සිටීමට හැකි වන සේ රෝද පුටුවක් නිර්මාණය කළේය.

 

පරණ  සෙල්ලම් දැමිය නොහැකි වුවද අඛෙයිඩ් හොද සුවයෙන් හා සතුටින් කල් ජෝර්දානයේ රෝද පුටුවක සහය ලබන ප්‍රථම බලූරාළ වීමේ අවස්ථාවද හිමිව ඇත්තේ අබෙයිඩ්ටය.



අදහස් (0)

රෝද පුටුවෙන් බැටලුවන් බලයි

ජයතිස්ස Monday, 04 March 2013 08:50 AM

මේ, මේ සතාගේ පෙර කළ පින් පවු තමයි. (නි)

:       0       0

බෙනට් Friday, 01 March 2013 03:14 PM

මේක තමයි සත්ව කරුණාව ..මිනිසුන් අතර ඇති නොමිනිස් කමයි මිනිස්කමයි ගැන හොඳ උදාහරණයක් .. (ස)

:       0       0

ගීත් Sunday, 03 March 2013 06:14 PM

ඇස්වලට කදුලු එන ලිපියක්. කව්රු කළත් හොද වැඩක්.(නදී)

:       0       0

අනුර Friday, 01 March 2013 03:21 PM

වෙඩි තියලා තියෙන්නේ බල්ලෙක් (ස)

:       0       0

සුමුදු Friday, 01 March 2013 04:18 PM

මුළු රටටම ආදර්ශයක් (දී)

:       0       0

පද්මි Sunday, 03 March 2013 11:14 AM

බල්ලාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

කාන්ති Friday, 01 March 2013 05:10 PM

මේ සතා අපිට ආදර්ශයක් (දී)

:       0       0

චමින්ද Friday, 01 March 2013 06:16 PM

ලෝකය දිනු බල්ලෙක් (දී)

:       0       0

වරාවට Monday, 04 March 2013 12:28 AM

මොනවා උනත් ,අහින්සක සතාට වෙඩි තියපු කෙනාට දඩුවම් කල යුතූයි.(නදී)

:       0       0

සුනිල් Saturday, 02 March 2013 06:45 PM

මොකුත් හිතන්න එපා මම මෙහෙම කියුවාට, අපිට මේ සතාගෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා (දී)

:       0       0

රීටා Saturday, 02 March 2013 09:51 AM

පන්සල් ළග බළල් පැටවුන්, බලු පැටවුන් අතරමං කර උසස් යැයි පාරම් බානා අපේ මහ ජාතියට මෙන්න හොද කණේ පහරක්. (නි)

:       0       0

වරුණ Monday, 04 March 2013 07:53 AM

මේ සතා විදවන හැටි දැක්කහම මට හිතෙනවා වෙඩි තිබ්බ මිනිස්සුන්ට ආත්ම ගාණක් විදවන්න වේවි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site