
යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසයි.
පසුගිය සති කීපය පුරාවට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට පහර දෙමින් බාධා කරන්න විය. ඒ, ඊශ්‍රයල හමාස් අර්බුදයේ දී, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි.
රතු මුහුදේ වෙළෙඳ නැව්වලට ආරක්ෂාව ලබාදීමට ඇමෙරිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින රටවල් අතරට බහරේනය, කැනඩාව, සීෂෙල්ස්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය ද අයත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් ඇතුලෙහි ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතී ද එය ගරු කරන අනුගාමිකයෝ “ත්‍රස්තවාදය ආගම” කර ගනිත්. කණ්ඩායම් ත්‍රස්තවාදී අරමුණු විවිධ වෙත්. ඒ අතර 1.රටක දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් ත්‍රස්ත කඩායම් 2. ආගමික අරමුණු ඉලක්ක කර ගත් ත්‍රස්ත කණ්ඩායම් ප්‍රධාන වෙත්. මෙම කන්ඩායම්වල අරමුණු බරපතල ලෙස පැතිරී ඇත. එයින් ද ආගමික අරමුණ මූලික කරගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණු, දේශපාලනය ඉරක්ක කර ගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණුවලට වඩා බලවත් ය. සැම අතින් ම ඒකාබද්ධ බව සහ සාමූහික බවින් ද අතිශයින් ම බලවත් ය. දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් කණ්ඩායම් යම් රටකට, භූමියකට, ලඝු වී ඇත. උදාහණ ලෙස එල්ටීටීඊ සංවිධානය, අයර්ලන්තයේ අයි. ආර්. ඒ (IRA) අයිරිෂ් ගරිල්ලා සංවිධානය සැළකිය හැක. දේශපාලනය ඉලක්ක කර ගත්, සෑම ත්‍රස්තවාදී සංවිධානවල ඇත්තේ රටක භූමියේ පාලනය බෙදී වෙන් වීමේ අරමුණය. ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ඊට වඩා වෙනස් වන්නේ ඔවුන්ගේ අරමුණ භූමියන්හි රාජ්‍ය පාලනය පමණක් ම නොවේ. පාලනය ඉලක්ක කර ගත් භූමිය ඇතුලත එකම ආගමක් ව්‍යාප්ත කිරීම ය. අනෙක් ආගම් අදහන්නන් සම්පූරණයෙන් ම අහෝසි කරන තැනට, අහෝසි වන තැනට කටයුතු කිරීම ය. එය එක රටකට, රටක
ජීවත්වන ජාතිකත්වයට පමණක් අදාල නැත. පෘථිව ගෝලයෙහි සෑම රටක්ම ඔවුන්ගේ ආගමට නතු කිරීමට ක්‍රියා කිරීම ය. එහි මූලික පියවර නම් භූමිය ඇතුලත දේශපාලන බලය ඇල්ලීම ය. දෙවනුව අල්ලා ගත් භූමිය එම ත්‍රස්ත කණඩායම ගරු කරන ආගම පමණක අදහන තැනට පත් කිරීම ය. ඒ ආගමික සංකල්පයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික , අවයව සහ පද්ධති පමණක් ව්‍යාප්ත කිරීමය. අන් සියලු දේශපාලන, සමාජීය සංස්කෘතික අවයව පද්ධති සියල්ල මුලිනුපුටා දැමීමට කටයුතු කරත්. ආගමික අන්තවාදී ලෝක භූ දේශපාලනය අධ්‍යනය කර බැලීමෙදී මෙය වටහා ගත හැක. ක්‍රි ව: 1930න් පසු ආසියා සහ අප්‍රිකානු භූ දේශපානයේ ව්‍යාප්තිය අධ්‍යනය කිරීමෙන් ආගමික වශයෙන් රාජ්‍ය පාලනය කිරීමෙන්, ආගමිග අන්තවාදය ව්‍යාප්තිය කොපමණද යන්න තේරුම් ගත හැක. ත්‍රස්තවාදය උගන්වන ආගම් පවතින තාක් මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතිනවා ඇත. ආගම සමඟ බැදී ඇති ත්‍රස්තවාදය අති බිහිසුණු ලෙසින් ලෝකයේ වේගයෙන් පැතිරෙනවා ඇත. භූමිය, රට විවිධ වුවත්, ජන වර්ගය, භාෂාව, විවිධ වුවත් එකම ආගම්කින් බැදී, ආගමික ඉගැන්වීම මත, තම අදහන ආගම පැතිර වීම සහ ආගම වෙනුවෙන් භූමි පාලනය අපේක්ෂා කරන පිරිස් විසින් තම අරමුණ උදෙසා ආගමික
ත්‍රස්තවාදය ඉතා ආදරයෙන් වැළද ගනිත්. ක්‍රියා කරත්. ප්‍රචන්ඩත්වය අති බිහිසුණ ලෙස ව්‍යාප්ත කරත්. මෙහි ප්‍රතිපල අතිශයින් බියකරු වන්නේ, ඉහත දැක්වූ ආගමික අන්තවාදී මත ගරුක රාජ්‍යයන් විසින් ඔවුන්ගේ මුදල්, රාජ්‍ය මට්ටමෙන් යුද්ධෝපකරණ, සම්පත් දායකත්ව, පිරිස් බලය යෙදවීම, යුධ පුහුණුව ලබා දීම, ඒ ත්‍රස්ත ක්‍රියා තම ආගම අනුව හරියැයි තම අනුගාමිකයන්ට ඉගැන්වීම, හේතුවෙනි. එයට කාලය සහ අවකාශය, අදාල නැත. (ස්ථානය අදාල නැත.) එකම අරමුණ නොයෙක් නම් වලින් පෙනී සිටිමින් සාමුහික ප්‍රයත්නයක නියැලේ. ත්‍රස්තවාදය ආගම බවට පත් කර ගත්විට එය අතිශයින් බිහිසුණු ය. ඒ ඒ කාලය සහ අවකාශය ද ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් වෙනවා ඇත. ශරීරයේ රුධිරය ශරීරයෙහි පැතිරී ඇතිවා මෙන් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ද විවිධ නම් වලින් භාවිතා වුව ද විවිධ භූමිවල ක්‍රියාත්මක වුව ද එකම අරමුණින් මානව සංහතියය ම වෙලා ගන්නවා ඇත. එයට ඉඩ නොදී මානව සංහතිය ආරක්ෂා කර ගැනීමට, ආගමික ත්‍රස්ත විරෝධී ලෝක දේශපාලන් බල කඳවුර ශක්තිමත් කළ යුතු ය. එය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අවිහිංසාවාදී මානව පැවත්ම බිහිසුණු ආගමික අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුක්ත කර සුරක්ෂිත කිරීම
සඳහා ක්‍රියා කිරීම සියලු ලෝක රාජ්‍ය නායකයන්ගේ වගකීම ය.