අඟහරු ග‍්‍රහයා මත ඉදිකිරීමට නියමිත ජනාවාසයක මුල් පදිංචිකරුවන් තෝරාගැනීම සදහා අයදුම්පත් කැදැවීමට ‘‘මාර්ස් වන්නම් ඩෙන්මාර්ක පර්යේෂණ ආයතනයක් සැරසේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය වයස අවුරුදු 18 ට වඩා වැඩි විය යුතු අතර හොඳ සමාජ සම්බන්ධතා පවත්වාගැනීමටත් අන් අය සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් නොපසුබට උත්සාහයෙන් අරමුණු කරා ළගා වීමටත් හැකි අය විය යුතු බව මාර්ස් වන් ආයතනය කියයි.
ලැබෙන අයදුම්පත් ප‍්‍රාසාංගික රූපවාහිනී වැඩසටහනක ට යොමුකර ගමනට සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වන 24 දෙනෙක් තෝරා ගැනීමට නියමිතය.ව්‍යාපෘතිය සදහා වැය වන අතිවිශාල පිරිවැය සපයා ගැනීමද මේ වැඩසටහනේ තවත් අරමුණක් වේ.මේ 24 දෙනා වරකට 4 දෙනෙකු බැගින් අවුරුදු 10 ක දී අඟහරු මත ගොඩ බැස්වීමට සැළැසුම් කර ඇතැයි සදහන් වේ.
අඟහරු මතට ප‍්‍රථම යානය පිටත් කිරීමට නියමිතව ඇත්තේ 2023 වසරේදීය.තෝරා ගන්නවුන්ට අවුරුදු 8 ක පුහුණු කාලසීමාවකටද යටත් වීමට සිදුවේ.අඟහරු ග‍්‍රහයා මතුපිටදී කටයුතු කළ යුතු ආකාරය හා ගමන අතරතුරදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද පුහුණුවක් මේ කාලසීමාව ඇතුලදී ලබා දීමට නියමිතය.අඟහරු ග‍්‍රහයා මතට පිටත්කෙරෙන මේ පුද්ගලයන් ආපසු ගෙන්වාගැනීමක් සිදුනොකරන බව පවසන මාර්ස් වන් ආයතනය මෙය අඟහරු ග‍්‍රහයා මත ස්ථිර ජනාවාස ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙනා ව්‍යාපෘතියක් නිසා ගගනගාමින් ආපසු ගෙන්වාගැනීමට බලාපොරොත්තු නොවන බව පවසයි.අයදුම්කරුවන් මේ කරුණ ගැනත් සැළැකිලිමත් විය යුතුය.
පෘථිවියේ සිට සැතැපුම් හාරකෝටියක් පමණ දුරින් පිහිටා ඇති අඟහරු ග‍්‍රහයා වෙතට ළගා වීමට දින 200 ක් පමණ ගත වේ.මේ කාලය අතරතුරදී සිය ගමන් සගයන් සමග සහයොගයෙන් කටයුතු කිරීමට මේ ගගනගාමීන්ට සිදුවනු ඇත.අඟහරු ග‍්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සිට සෙල්සියස් අංශක සෘණ 135 අතර පරාසයක විහිදෙන බව සොයාගෙන ඇති අතර වායුගෝලය සැදී ඇත්තේ ස්වසනයට නුසුදුසු කාබන් ඩයොක්සයිඞ් වායුවෙනි.අඟහරු මතට ගොඩබැසීමෙන් අනතුරුව ඔවුනට ජනාවාස ඉදිකිරීමේ වගකීම පැවරෙන අතර එහිදී අඟහරුගේ කර්කෂ පරිසරයට එරෙහිව සටන් වැදීමටද සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි යවමු වෙන මිනිස්සු කට්ටියක්. නැත්නම් අන්තිමට එයාලා අගහරු තනිවම අයිති කරගනීවි. (නි)
සල්ලි දීලා හරි ලංකාවෙන් යවනවා නම් කීපදෙනෙක්ම ඉන්නවා. (නි)
එහෙටත් රේස් කොළේ ගෙන්න ගන්න පුලුවන් නම් මමත් කැමතියි යන්න. (නි)
මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්? (දී)
මොනවා කරන්න යනවාද මන්දා (දී)
ආයේ එන්න වෙන්නේ නැති නිසා අපේ රටින් පිරිසක් යවමු (ස)
හරි එහෙත් ඉවරයි (දී)
ප්‍රභාකරන් හිටියා නම් මුලින්ම ඉදිරිපත් වෙන්නෙ ඔහු තමයි. මොකද,ලෝකයේ රටක් නැති දෙමළ ජනතාවට අඩුතරමින් අඟහරු ලෝකයේ හරි රටක් හදන්න මුල්වෙනවා. (නි)
මට නම් මේ ලෝකය දාලා යන්න දුකයි. (නි)
අනේ! ඒ ග්‍රහලෝකටත් ගෘහ සේවිකාවන් යවන්න පිළිවෙළක් තියේවිද කියා සොයා බැලුවානම් හොදයි නේද? (නි)
ලංකා නියෝජනයක් නැද්ද (දී)
මාවත් අරන් යන්නකෝ (දී)
සිංහලයා මෝඩයා, හෙරළි කන්න යෝධයා කියලා කියනවනේ. (නි)
අයිශ්චර්යා ඉන්නවා නම් මම යනවා එයත් එක්ක. (නි)
මේ ලෝකේ ඉන්නත් බැරිව තව අගහරුට යන්න (දී)
දැන් ලෝකේ හිතා ගන්න බැරි තරම් දියුණුයි නේ..............(දී)
හදට යන්න වෙයි තව ටික දවසකින් (දී)
මමත් කැමතියි යන්න. (නි)
බෑ බෑ මට යන්න බෑ නෑ නෑ මම යන්නෙ නෑ... (නි)
උඩින් මුස්ලිම් කට්ටිය ගැන ලියපු අයටයි කියන්නේ, ගහන තරමක් ගහන්නේ ඔහේලාමයි. අන්තිමට ගුටි කෑවා කියලා අඩන්නෙත් ඔහේලාමයි. නියම අවිහිංසාවාදියෝ. (නි)
විශ්ව,, මුස්ලිම් කට්ටිය යැවුවොත් නෙමෙයි, සිංහල කට්ටිය යැවුවොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද, දකින දකින හැම ගලක්ම තමන්ගේ උරුමයක් කියලා අඩන ,හැම ගලකටම වදින ඔයාලා, අගහරු පුරාම ඇති ගල් වලට වැදලම පණයයි ඔයාලගේ. (නි)
උපාලි, මටත් ඔය ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
ඉර්ෆාන් ධර්මා , ඔයාලට තමයි ප්‍රශ්නේ. (ස)
ඉෆ්රාන් නියම කතාව .ලංකාවේ මිනිස්සු දන්නේ පුරාජේරුගහන්න විතරයි (ස)
ඉර්ෆාන්, ලංකාවේ තියෙන හැම ගහක් ගලකම අතීත අයිතිය ඇත්තේ අපිටයි. (නි)
මේක ආපසු නොඑන ගමනක්ලු . කවුද කැමති නොඑන ගමන් යන්න (ස)
හොද පුහුණුවක් දෙන්න (දී)
මටත් යන්න ආසයි. (නි)
මුස්ලිම් අය එකතුකරල අගහරු වලට යවන්න බැරිද, ඕන නීතියක් දාගන්න කියලා ? (නි)
අපි පොඩි කාලේ හිතුවාද අගහරු ග්‍රහයාගේ ජනාවාස ඇති වෙයි කියල, තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
අපිටත් තියෙනවා ලංකාවෙන් 18ක්ම. (නි)
මමත් කැමතියි යන්න (ස)
මමත් යන්නම් ආසයි. ඒත් ඒ කාලේ වෙනකම් අපි ජීවත් වේවිද ? (ස)
අනේ මෙහෙම ආසාවක්.... අනේ මෙහෙම තණ්හාවක්..... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? මට නම් නිකන් දුන්නත් යන්නේ නැහැ. (නි)
එච්චර දුරයන්න මට නම් බැහැ. (නි)
ඉස්සර හදට යනවා කියන්නේ මහා අරුමයක්, දැන් පදිංචියට යනවා (දී)
අයදුම් පතක් තියෙනවානම් මටත් එකක් දෙන්න (දී)
බන්ඩනාගාරවල සිටින සියලුදෙනා එකතුකරල අගහරු වලට යවන්න බැරිද (ස)
මොනවාද බලපු සුදුසු කම් (දී)
ගියාට කමක් නෑ එහෙත් මෙහේ වගේ වනසන්න එපා. (ස)
හැබැයි යන අයට තමන්ගේ පරපුර බෝකර ගන්න පුළුවන් , මුලින් ගිය අයගේ නම්, පරපුර තමයි දිගටම පැතිරෙන්නේ (ස)
කියක් ගියත් කමක් නැහැ මටත් යන්න ඕනේ (දී)
දැන් කාවද තෝරා ගෙන තියෙන්නේ (දී)
අපේ ලංකාවට ටිකට් 225ක් ඕනෑ. (නි)
මුස්ලිම් කට්ටියක් ගියා නම් හරි. (නි)
ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබුණු අයව පිටත් කරමුද? (නි)
මුස්ලිම් කට්ටිය යැවුවොත් ප්‍රශ්න වැඩියි. මොකෝ දන්නවද? ගිය ගමන්ම පල්ලියක් ගහන්ට ඕනෑ කියලා කෝලාහල පටන් ගනී. අනෙක යන යන තැන යුද්ධනේ. මේ ලෝකෙම හිටපුදෙන්. (නි)
මුලින්ම සහරා කාන්තාරයේ හරි ඇන්ටාටිකාවේ හරි ජනාවාස ඇතිකරලා ඒවායෙත් ඉඩකඩ මදි වූ විට ගියා නම් නේද හොද? (නි)
අනේ අර ළගදි අස්වෙච්ච කෙනාවත් යවන්නකෝ. (නි)
මගේ නැන්දම්මාවවත් යවන්න පුලුවන් නම්.... (නි)
මේග ගෙදර වැඩ ටික තවම ඉවර නැහැ. නැත්නම් මමත් යනවා. (නි)