ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප‍්‍රධානී පීටර් මෝරර් ඊයේ (4) සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනපති බෂීර් අල් අසාද් හමුවූයේය. සිරියාවේ පවතින ගැටුම්වලින් විපතට පත්ව සිටින සිවිල් වැසියන්ට අධාර ලබා දීම කෙරෙහි මෝරර් සහ ජනපති අසාද් අතර සාකච්ඡා පැවැත්විණි. මානුෂීය ආධාර බෙදා දීමට රතු කුරුස සංවිධානයට රජයේ පූර්ණ අනුග‍්‍රහය හිමිවෙන බව සිරියා ජනපති අසාද් එහිදී පොරොන්දුවක් ද ලබා දුන්නේය. රතු කුරුස ප‍්‍රධානියා සිරියානු විදේශ කටයුතු ඇමැති වලීඞ් මෞලී, අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඞ් අල් ෂාර් සහ සෞඛ්‍ය ඇමැති සාද් නයේෆ් ද හමුවී සාකච්ඡා කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය. පීටර් මෝරර් රතු කුරුස සංවිධානයේ ප‍්‍රධානියා ලෙස වැඩ බාර ගත්තේ පසුගිය ජූලි පළමු වැනිදාය. ඔහු සිරියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd