
රටවල් 12 ක වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළේය.
එම රටවල් 12 වන්නේ, ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ් රාජ්‍යය, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.
මෙම රටවල් 12 ට අමතරව, රටවල් 7 කට අර්ධ සංචාරක සීමා පැනවීමට ද ට්‍රම්ප් නියෝග කර ඇත. එම රටවල් වන්නේ, බුරුන්දි රාජ්‍යය, කියුබාව, ලාඕසය, සියෙරා ලියෝන් රාජ්‍යය, ටෝගෝ, ටර්ක්මිනෙස්තාන් සහ වෙනිසියුලාව ය.
2017 වසරේ, ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී ද මේ අයුරින් රටවල් කීපයකට සංචාරක තහංදි පැනවීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාගේ ලොකු කතා. ටැක්ස් ගැහුවේ ඔහොම තාමා. බල්ලා වගේ අකුලා ගත්තේ.
ඇයි, මේ තහංචිය ලංකාවට පැනෙව්වේ නැත්තේ..? "ළිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන" ගුණමකුවෝ නේ මේ ලංකාවේ ඉන්නේ...ඇමරිකාව, යුරෝපය ඇලජික් වෙලා තප්පුලන බොහෝ දෙනාගේ දරුවන් ඉන්නේ ඒ රටවල්වල...සුඋදෝ මේ රටට එදා පය නොතිබ්බ නම්, මෙවුන් අදත් ඉන්නේ, රජාලට ආවඩාගෙන ගෝත්‍රික වැද්දෝ වගේ තමයි..
තව සියවස් ගණනක් කතා කළ හැකි නායක දෙපළක් ලොව පහළවෙලා ඉන්නවා. එකෙක් නිව්යෝර්ක් පැත්තේ... අනිකා තඹුත්තේගම පැත්තේ.