IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රාජේශ් ඛන්නා නික්ම යයි

‘අරාධනා’, ‘හාති මෙරේ සාතී’ ‘ආනන්ද්’ සහ අමර් පේ‍්‍රම්’ ආදී අමරණීය බොලිවුඩ් සිනමාපට හරහා පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කළ 70 දශකයේ සුපිරිතරුව රාජේශ් ඛන්නා ඊයේ (18) ජීවිතයෙන් සමු ගත්තේය. පසුගිය මාස කිහිපයේ දැඩි ලෙස ගිලන් ව සිටි ඔහු මිය යන විට 69 වැනි වියෙහි පසු වූයේය. ඔහු මියගියේ මුම්බායි නුවර බන්ද්‍රාහි ඔහුගේ නිවසේ දීය. එම අවස්ථාවේ ඔහුගේ හිටපු බිරිය මෙන්ම ප‍්‍රවීණ බොලිවුඞ් නිළියක ද වන ඩිම්පල් කපාඩියා ද රින්කි, ටිව්ලින්කල් යන දූවරුන් දෙදෙනා සහ බෑණනුවන් වන සුපිරි නළු ආක්ෂේ කුමාර් ද ඔහු අසල සිටියේය. ෆිල්ම්ෆෙයාර් සම්මාන රැසකින් පිදුම් ලැබූ රාජේශ් ඛන්නා උපන්නේ 1942 වසරේ අම්රිත්සාර් නුවරදීය. ඔහුගේ නම වූයේ ජතින් අරෝරාය. පාසල් අවදියේ සිට රංගනයට පි‍්‍රය කළ ඔහු රාජේෂ් ඛන්නා යන නමින් පළමු වරට බොලිවුඞ් සිනමා පටයක රඟපෑවේ 1966 වසරේය. ඒ ‘අක්රිකාත්’ චිත‍්‍රපටයේය. එදා මෙදා තුළ ඔහු රඟපෑ චිත‍්‍රපට ගණන 160 කට ආසන්නය. රජේෂ් ඛන්නාගේ අභාවය බොලිවුඞ් සිනමාවට පමණක් නොව මුළුමහත් ඉන්දියාවටට විශාල පාඩුවක් යැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. 1991 සිට 96 වසර කාලයේ කොංග‍්‍රස් මන්තී‍්‍රවරයකු ලෙස ද රාජේශ් ඛන්නා කටයුතු කර ඇත.රාජේශ් ඛන්නා එදා සහ අද බිරිය සහ දියණියන් සමග,  80 දශකයේ ගත් ඡායාරූපයකි



අදහස් (0)

රාජේශ් ඛන්නා නික්ම යයි

අමිල Thursday, 19 July 2012 09:14 PM

ඔබට සුවබර නින්දක්!

:       0       0

මෙල්බන් Thursday, 19 July 2012 02:38 PM

අයියෝ රාජේෂ් මියදුනාද ????

:       0       0

මධූ Thursday, 19 July 2012 04:01 PM

මරණය කාටත් පොදුයි...නිවන් සුව ලැබේවා....

:       0       0

සල්මන් මස්සිනා Thursday, 19 July 2012 06:11 PM

අයියෝ මේ මගේ යාළුවනේ...මම දැන් මොකද කරන්නේ ....

:       0       0

පිලිපීනෝ Thursday, 19 July 2012 01:21 PM

අයියෝ මගේ ආසම නළුවා............

:       0       0

නිෂාඩ් Friday, 20 July 2012 09:16 AM

සිත් ඇද ගන්නා රංගන ශෛලියකින් යුත් ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site