රජයට එරෙහි විරෝධතා සංවිධානය කරන දැඩි මතධාරී ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි ඝාතනය කිරීමට ඉස්ලාමීය සටන්කාමීන් සූදානම් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මන් මලික් පවසයි.
අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා කද්රිගෙන් ඉල්ලා ඇත්තේ ඔහුගේ විරෝධතා ව්‍යාපාරය වහා නවත්වන ලෙසය.
”කද්රිගේ විරෝධතා ව්‍යාපාරයට ඉස්ලාමීය සටන්කාමීන් ද රහසේ එක් වී සිටිනවා. ඔවුන් විරෝධතා රැලිවලට පහර දීමේ අවදානමක් පවතිනවා. එවැනි ප‍්‍රහාරයක් සිදුවී මහා ජීවත හානියක් සිදුවුවහොත්, අප ඊට වරදකරු කරන්නේ කද්රිවය. මාගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඔහු විරෝධතා නවත්වනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයි ඇමැති මලික් ඊයේ (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.
විරෝධතා නවත්වන්නැයි කද්රිට පැය 24 ක් කල් දී ඇති බවත් ඔහු හෝ ඔහුගේ විරෝධතාකරුවන් හෝ ඊට කන් දෙන්නේ නැතිනම් හමුදාවත් පොලිසියත් යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රජය සූදානමින් සිටින බව ද ඇමැති මලික් අවධාරණය කරයි.
කද්රි මේ අයුරින් විරෝධතා පවත්වන්නේ, දුෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රාෆ් වහා අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්ෂක අංශවලට නියෝග කර තිබියදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයි (ස)