රජයට එරෙහි විරෝධතා සංවිධානය කරන දැඩි මතධාරී ආගමික නායක මුහම්මද් තහිරුල් කද්රි ඝාතනය කිරීමට ඉස්ලාමීය සටන්කාමීන් සූදානම් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මන් මලික් පවසයි.
අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා කද්රිගෙන් ඉල්ලා ඇත්තේ ඔහුගේ විරෝධතා ව්‍යාපාරය වහා නවත්වන ලෙසය.
”කද්රිගේ විරෝධතා ව්‍යාපාරයට ඉස්ලාමීය සටන්කාමීන් ද රහසේ එක් වී සිටිනවා. ඔවුන් විරෝධතා රැලිවලට පහර දීමේ අවදානමක් පවතිනවා. එවැනි ප‍්‍රහාරයක් සිදුවී මහා ජීවත හානියක් සිදුවුවහොත්, අප ඊට වරදකරු කරන්නේ කද්රිවය. මාගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඔහු විරෝධතා නවත්වනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයි ඇමැති මලික් ඊයේ (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.
විරෝධතා නවත්වන්නැයි කද්රිට පැය 24 ක් කල් දී ඇති බවත් ඔහු හෝ ඔහුගේ විරෝධතාකරුවන් හෝ ඊට කන් දෙන්නේ නැතිනම් හමුදාවත් පොලිසියත් යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට රජය සූදානමින් සිටින බව ද ඇමැති මලික් අවධාරණය කරයි.
කද්රි මේ අයුරින් විරෝධතා පවත්වන්නේ, දුෂණ චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රාෆ් වහා අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්ෂක අංශවලට නියෝග කර තිබියදීය.
2025 දෙසැම්බර් මස 18
86
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයට එරෙහි උද්ඝෝෂණ මෙහෙයවන කද්රි මරන්න සටන්කාමීන් සැරසෙනවා
ලක්ෂිත Friday, 18 January 2013 10:17 AM
මෝඩයි (ස)