නව රජයක් පිහිටුවීම සඳහා ඉතාලි ජනපති ජෝජියෝ නැපොලිටානෝගේ ඉල්ලීම පරිදි එරට දේශපාලන පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් ඊයේ (29) පැවැත්විණි.
ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ පා සිටින ඉතාලියේ ඉකුත් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනිව රජයක් පිහිටුවීමට නොහැකි විය.
දේශපාලන පක්ෂ එකමුතු විය යුතු යැයි ජනපති ජෝජියෝ නැපොලිටානෝ එම අස්ථාවේදී ඉල්ලීමක් කළේය.
ඉතාලි මහ මැතිවරණය ඇරැඹුණේ ඉකුත් පෙබරවාරි 24 වැනිදාය. ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් තිබුණේ මධ්‍ය වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලියූගි බර්සානි මෙවර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇති බවය.
මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු බර්සානිගේ පක්ෂයට තනිව රජයක් පිහිටුවීමට හැකියාවක් නොලැබුණි. බර්සානිට යුරෝපා සංගමයේ හිමිවී ඇති අතර යුරෝපා සංගමයේ බලවතකු වන ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්ගේ සහාය ද හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයක් සාකච්චා මාර්ගයෙන් විසදා ගන්න (දී)