බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් භාවිතය තහනම් කළ පොකුරු බෝම්බ යොදා ගනිමින් තමන්ට පහර දෙන බවට සිරියානු කැරැලිකරුවෝ චෝදනා කරති. ”සිරියා අර්බුදයට මාස 20 ක් ගතවෙලා. සිරියා හමුදාව පොකුරු බෝම්බ යොදා ගනිමින් පහර දෙන්නේ නම් එය බරපතළ වරදක්. අර්බුදය විසදීමට නම් සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර කඩිනමින් සටන් විරාමයක් ඇති විය යුතුයි.” යැයි සිරියා අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි අවධාරණය කරයි. එළෙඹෙන ඊඞ් අල් අඩා මුස්ලිම් නිවාඩු දිනයේදී එම සටන් විරාමය කි‍්‍රයාත්මක කරන්නැයි ද බ‍්‍රහීමි කැරැලිකරුවන්ගෙන් සහ සිරියානු රජයෙන් ඉල්ලා සිටී. සිරියා හමුදා මේ වනවිට තුර්කි/සිරියා දේශසීමාවේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙළන බව ද වාර්තා වේ. සිරියාවෙන් එල්ල වූ මෝටාර් ප‍්‍රහාරයක් නිසා සිරියාවත් තුර්කියත් අතර මතභේදයක් හට ගත්තේ ද එහෙයිනි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජයේ හමුදා පොකුරු බෝම්බවලින් පහර දෙනවා
දිලුම් Friday, 19 October 2012 09:52 AM
ලස්සන පුවතක් (ස)
සිල්වා Wednesday, 17 October 2012 02:58 PM
බටහිරට කන් නොදී ප්‍රහාර දියත් කරන්න (නි)