තම සටන්කාමීන්ට එරෙහිව එල්ල කරන ප‍්‍රහාර වහාම නවත්තන්නේ නැතිනම්, කොලොම්බියා රජය සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා වහාම අවසන් කරන බව මාක්ස්වාදී ෆාර්ක් ගරිල්ලෝ අනතුරු අඟවති.
ගරිල්ලන්ගේ එම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කොලොම්බියා රජය මෙතෙක් පිළිතුරක් ලබා දී නැත.
ලතින් ඇමෙරිකා රටක් වන කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ නායකයන් සහ කොලොම්බියා රජයේ නියෝජිතයන් අතර සාමකතා ඇරැඹුණේ ඉකුත් ඔක්තෝබර් මස 17 වැනිදාය. ඒ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීය. එහි දෙවැනි අදියර කියුබාවේ හවානා නුවරදී පැවැත්විණි.
සාම සාකච්ඡා පැවැත්වෙද්දී පවා රජයේ හමුදා අවස්ථා කිහිපයකදී ගරිල්ලන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කර ඇත.
ගරිල්ලන් සහ කොලොම්බියා රජයේ නිලධාරීන් අතර එම සාම සාකච්ඡුා පැවැත්වුණේ වසර 50 ක් තිස්සේ පවතින ගැටුම් අවසන් කර දේශපාලන විසඳුමක් සෙවීමටය.
සාම සාකච්ඡා පැවැත්වෙන්නේ කොලොම්බියා ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ගරිල්ලා නායක රොඞ්රිගෝ ලොන්ඩෝනෝට කළ ආරාධනාවකට අනුවය.
මීට පෙර අවස්ථා ගණනාවකදී ද ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා නායකයන් අතඑ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළ ද ඒවා අසාර්ථක විය.
ජනපති සැන්ටෝස් ප‍්‍රකාශ කර ඇත්තේ කොලොම්බියාවේ හිටපු ජනපතිවරුන් ගත් වැරදි තීරණ නිසා ගරිල්ලන් සහ රජය අතර පැවැති අර්බුදය දිග්ගැස්සුණු බවය. එම වැරදි නිවැරදි කරමින් සාම සාකච්ඡා ආරම්භ කෙරෙන බව ද කොලොම්බියානු ජනපති සැන්ටෝස් වැඩි දුරටත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd