IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රොකට් වැඩසටහන ප‍්‍රමාද කිරීමට උතුරු කොරියාව තීරණය කරයි

මතභේදයට තුඩු දී ඇති උතුරු කොරියා රොකට්ටු වැඩසටහන නියමිත දිනට පසුව කි‍්‍රයාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීමේ වැඩකටයුතු හේතු කීපයක් පදනම් කර ගෙන කල්තැබීමට කොරියානු විද්‍යාඥයන් පියවර ගෙන ඇති බව එරට අභ්‍යවකාශ තාක්ෂණ කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.  බටහිර රටවලින් එල්ලවන දේශපාලන බලපෑම් මැද රොකට්ටුවේ ඇති තාක්ෂණික දෝෂයක් හෝ අධික හිමපතනය මෙම වැඩසටහන කල්දැමීමට හේතු විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ මස 10 සහ 22 අතර දිනකදී චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතව තිබිණි. චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරනවා යැයි පවසමින් උතුරු කොරියා රජය උත්සහ ගන්නේ න්‍යෂ්ටික රොකට්ටුවක් අත්හදා බැලීමට යැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව දිගින්දිගටම චෝදනා කළේය. පසුගිය අපේ‍්‍රල් මාසයේදී ද උතුරු කොරියාව මේ අයුරින්ම රොකට්ටුවක ආධාරයෙන් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට උත්සහ කළ ද එය අසාර්ථක විය.  



අදහස් (0)

රොකට් වැඩසටහන ප‍්‍රමාද කිරීමට උතුරු කොරියාව තීරණය කරයි

මුතු Monday, 10 December 2012 01:51 PM

හැමදේටම ඇගිලි ගහනවනේ (දී)

:       0       0

අජිත් Tuesday, 11 December 2012 07:57 PM

අයියෝ සල්ලි

:       0       0

අචිනි Monday, 10 December 2012 05:44 PM

ඇමරිකාව සම්භන්ධ ඇති (දී)

:       0       0

ලක්ෂාන් Monday, 10 December 2012 12:17 PM

ජය ඔබටයි උතුරු කොරියා (ස)

:       0       0

අජිත් Monday, 10 December 2012 01:11 PM

අපි බලාගෙන හිටියේ රොකට් එක උඩ යනකල් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site