IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


යළි රත් වෙන පාකිස්තානය

පකිස්තානු ජනාධිපති සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්තානු ජනතා පක්ෂය ප‍්‍රථමවරට වසර පහක නිල කාලය සම්පූර්ණ කිරීම බොහෝ නිරීක්ෂකයින් සඳහන් කළේ පකිස්තානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මෙඟ් කැපී පෙනෙන කඩ ඉමක් ලෙසිනි. එහෙත් පකිස්තානු මෑත දේශපාලනයට අමුත්තෙකු වූ තහීර් වුල් ක්වොඩි‍්‍රගේ පිවිසීමත් පසුගිය සතියේ රට පුරාම විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වූ මිනිස් ඝාතනත් එම ගමන් මෙඟ් අතුරා ඇති බිම් බෝම්බ පිළිබඳ සලකුණක් වන

පකිස්තානු අගමැති රාජා පර්වේෂ් මුෂාරෆ්

බවද සැලකිල්ලට ගත යුතුය. පසුගිය වසර කීපය තුළ ආගමික අන්තවාදය උත්සන්න වීමත් රටේ මූල්‍ය අගනගරය වන කරච්චියේ පවතින අරාජික භාවයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයට ඇති අභියෝගයි. මෑතක සිට උත්සන්න වී ඇති ෂියා සුළුතරය ඉලක්කකර ගත් ප‍්‍රචණ්ඩත්වය කුළු ගැන්වූයේ පසුගිය සතියේ ක්වේටා නගරයේ ෂියා ආගමික ස්ථානයක් අසල සිදු වූ බෝම්බ ප‍්‍රහාරයක් නිසා සියයකට අධික පිරිසක් මිය යෑමෙනි. ඒ සමගම ස්වැට් නිම්නයේ සුන්නි ආගමික ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා පුද්ගලයින් 22 ක් මියගිය අතර 70 කට අධික පිරිසක් තුවාල ලැබූහ.


පසුගිය බ‍්‍රහස්පතින්දා ක්වෙටා නගරයේ බෝම්බ පිපිරවීමත් සමග එම වසර තුළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් මියගිය ෂියා භක්තිකයින්ගේ සංඛ්‍යාව 400කි. ඉන් 120ක්ම මියගොස් ඇත්තේ බැලොකිස්ථානයේ වූ සිදුවීම්වලිනි. මූලික වශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් සංක‍්‍රමණය වූ හසාරා ජන කණ්ඩායමට අයත් වන ෂියා සුළුතරය සුන්නි බහුතරයක් වන පකිස්තානය තුළ විවිධ වෙනස් කොට සැලකීම්වලට ලක්වෙන බව නිතර නැගෙන චෝදනාවකි. පසුගිය සතියේ ක්වෙටා පිපිරවීම පිළිබඳ වගකීම භාරගත් තහනමට ලක්ව සිටින ලස්කාර් ඊ ජන්ග්වි සංවිධානය එරට හමුදාව සමග සමීප සම්බන්ධතා පැවැත්වීමද හසාරා වාර්ගිකයින්ගේ චෝදනාවට ලක්ව ඇති කාරණයකි. මේ නිසා මෙවර හසාරා වාර්ගික කණ්ඩායම තමන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය ගැන නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බැලොකිස්ථාන ප‍්‍රාන්ත පාලනය විසුරුවා හැර මධ්‍යම රජයේ පාලනය යටතට ගන්නා තෙක් මියගිය ඥාතින්ගේ අවමගුල් නොපවත්වා විරෝධතා දක්වන බවට තර්ජනය කළහ. මුස්ලිම් ආගමික සිරිත් අනුව මියගිය අයෙකු හැකි ඉක්මනින් මිහිදන් කළ යුතු වූවද ඔව්හු දින තුනක් තිස්සේ අවමගුල් නොපවත්වා උද්ඝෝෂණය කළහ. අවසානයේදී ප‍්‍රාන්ත පාලනය විසුරුවා හැරීම ෂියා ආගමිකයින්ගේ ඉල්ලීමට සවන්දීමක් වූවද මූලික ගැටලූව මෙතෙක් විසඳී ඇති බවක් නොපෙනේ. ඒ සමගම පකිස්තානය පුරාම ෂියා ආගමික හසාරා කණ්ඩායමට සහාය පළවීම ආගමික අන්තවාදයට එල්ල වූ තර්ජනයක් විය.


කෙසේවූවත් ජනාධිපති සර්දාරි ගේ රජයට මෑතකදී කැනඩාවෙන් සිට ආපසු පැමිණි මුස්ලිම් පූජකයෙකු වන තහීර් වුල් ක්වොඩි‍්‍රගෙන් එල්ලවූ ප‍්‍රහාරය දේශපාලන වශයෙන් ක්වෙටා බෝම්බ පිපිරීමටත් වඩා හානිදායක බව පෙනේ. දෙසැම්බර් 23 වැනිදා ඔහු ලාහෝර් නගරයේ පැවැත්වූ මහජන රැස්වීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගිවීම හා එහිදී ඔහු ඉදිරිපත් කළ ඉල්ලීම් සර්දාරිගේ පකිස්තානු ජනතා පක්ෂයට මෙන්ම නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්තානු මුස්ලිම් ලීගයටත් බලවත් අභියෝගයන්ය. පාර්ලිමේන්තුවේ පාලක පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ එකසේ දුෂිතයැයි චෝදනා කළ ක්වොඩි‍්‍ර සැබෑවටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සුරක්ෂිත කිරීමට නම් ඔවුන්ට නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩ දිය යුතු නැතැයි අවධාරණය කළේය. ඔහුගේ අනෙක් යෝජනාව වන්නේ එවැනි දුෂිතයන් පිටු දැකීමට හා සාමාන්‍ය ජනතාවට ඡුන්දය විමසීමට ඉදිරිපත් වීමට ඉඩ සැලසෙන මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සකස් වන තෙක් ඡුන්ද පැවැත්වීම කල් දැමිය යුතුය යන්නයි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ස්ථාපනය කරන භාරකාර රජයට විධායකයේ මෙන්ම අධිකරණයේ හා සන්නද්ධ හමුදා වල නියෝජිතයින් ඇතුළත් කර ගත යුතුය. ඔහු මේ යෝජනා පිළිබඳව ප‍්‍රබල ජනමතයක් පවතින බව තහවුරු කිරීමට ලාහෝර් නගරයේ  සිට පරිපාලන කේන්ද්‍රය වන ඉස්ලාමාබාද් නගරය දක්වා සාර්ථක රිය පෙරහරක් ද පැවැත්වූයේය. ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයක් එල්ලවීමේ අනතුර හා ක්වේටා ඝාතන සමග රටතුළ වර්ධනය වී ඇති නොසන්සුන්තාව නිසා රියපෙරහර නතර කිරීමට සර්දාරිගේ රජය උත්සාහ කළද සාර්ථක නොවීය. අවසාන මොහොතේදී ක්වොඩි‍්‍රගේ යෝජනා රජය පිළිගන්නා බව පවසා රිය පෙරහර නතරකිරීමට ජනාධිපති උත්සාහ කළද ක්වොඞ්‍්‍ර ඊට කැමති වූයේ ද නැත.

පකිස්තාන සර්දාරි


රජයේ බාධාකාරීම් හා අනතුරු හැඟවීම නොසලකා ඉස්ලාමාබාද් නගරයට පැමිණි ක්වොඩි‍්‍රගේ ආධාරකරුවන් ගේ ඉලක්කය වූයේ ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ පරිපාලන මධ්‍යස්ථාන වටලා ගැනීමය. එම පිරිස ඇමතූ ක්වොඩි‍්‍ර අඟහරුවාදා උදේ 11.00 වන විට පාර්ලිමේන්තුව හා සියලූ ප‍්‍රාන්ත සභා විසුරුවා නොහරින්නේ නම් උද්ඝෝෂකයින් විසිරී නොයන බවට අනතුරු හැඟවූයේය. හදිසියේ රැස්වූ කැබිනට් මණ්ඩලය ක්වොඩි‍්‍රගේ ඉල්ලීම නිත්‍යනුකූල නොවන බවත් එමනිසා ඒ අනුව ක‍්‍රියා නොකරන බවත් ප‍්‍රකාශ කළේය. ඒ අනුව ඉල්ලීම් ලැබෙන තෙක් දහස්ගණනක් වූ සිය අධාරකරුවන් සමග ක්වොඩි‍්‍ර ඉස්ලාමාබාද් නගර මධ්‍යයේ කඳවුරු බැඳගෙන සිටින්නේද යන්න පැහැදිලි නැත. කෙසේ වූවත් ඔහු ඉස්ලාමාබාද් විරෝධතාව ඊජිප්තුවේ තහ්රීර් චතුරශ‍්‍රය බවට පත්කිරීමට තර්ජනය කළ බවද අමතක නොකළ යුතුය. සමහර නිරීක්ෂකයින් සඳහන් කරන ආකාරයට පකිස්තානු දේශපාලනයට හදිසියේ කඩා වැටුණු උල්කාපාතයක් මෙන් වූ ක්වොඩි‍්‍රට සන්නද්ධ හමුදාවල සහාය ද ලබාගත හැක. සන්නද්ධ හමුදා මෙවැනි කට කතා ප‍්‍රතික්ෂේප කරන නමුත් 2006 සිට කැනඩාවේ වෙසෙමින් ආගමික කටයුතුවල යෙදුන තහ්රීර් උල් ක්වොඩි‍්‍ර විශේෂ න්‍යාය පත‍්‍රයක් අනුව කටයුතු කරන බව පැහැදිලිය.


ඔහු මෙතෙක් ඉදිරිපත් කර ඇති ඉල්ලීම්වලින් මූලික වශයෙන් අදහස් වන්නේ වඩාත් සාධාරණ අපක්ෂපාත මැතිවරණයක් පැවැත්වීමයි. ඒ සඳහා පළමුවෙන්ම මැතිවරණ කොමිසම විසුරුවා හැර හමුදාවේ සහ අධිකරණයේ උපදෙස් මත නව මැතිවරණ කොමිසමක් පත්කළ යුතුය. එම කොමිසමට ප‍්‍රාන්ත සභා නියෝජනයක් තිබිය යුතුයැයි ඔහු අදහස් කරන්නේ නැත. දෙවැනිව මහා මැතිවරණය භාරකාර රජයක් යටතේ පැවැත්විය යුතු අතර භාරකාර රජයේ පත්වීම් ගැනද අධිකරණයේ හා සන්නද්ධ හමුදාවල උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යය. තුන්වැනිව මහා මැතිවරණයේදී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමේදී දැනටමත් දක්වා ඇති සුදුසුකම් දැඩි ලෙස ක‍්‍රියාත්මක කළ යුතුය. මෙම කොන්දේසි සපුරා ගැනීමට නොහැකි නම් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කර ගන්නා තෙක් භාරකාර පාලනයක් පවත්වා ගත යුතු බවද ඔහු අදහස් කරයි. කෙසේ වූවත් කැනඩාවේ පුරවැසි භාවය ලබා ඇති ක්වොඩි‍්‍රට පකිස්තානයේ පවතින නීති අනුව මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය.


හිටපු හමුදාපති පර්වේස් මුෂාරෆ් 1999 දී කුමන්ත‍්‍රණයකින් බලය පැහැරගත් විට ඊට සහාය පළ කළ ක්වොඩි‍්‍ර 2004 දී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූයේ හමුදා පාලනය ගැන කලකිරීමට පත් වූ නිසාය. 2006 දී කැනඩාවට සංක‍්‍රමණය වූ ඔහු පසුගිය මාසය වනතෙක් උනන්දු වූයේ තම ආගමික ප‍්‍රචාරක වැඩකටයුතු හා සුබසාධන වැඩසටහන් ගැනය. ඊළඟ මහා මැතිවරණය පැවැත්වීමට ආසන්නයේ හදිසියේ පැමිණි මැතිවරණ ප‍්‍රතිසංස්කරණ කටයුතු ගැන උනන්දුවීමත්් අධිකරණය හා සන්නද්ධ සේවා භාරකාර රජයට සම්බන්ධ කරගත යුතුබව පැවසීමත් බොහෝ නිරීක්ෂකයන්ගේ විමසිල්ලට ලක්ව ඇති මාතෘකාය. පකිස්තානයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ජනතා පක්ෂය හා මුස්ලිම් ලීගය (නවාස්) ක්වොඩි‍්‍රගේ භූමිකාව දකින්නටත් හමුදාවේ සහාය ඇතිව මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහයක් ලෙසිනි. සින්ඞ් ප‍්‍රාන්තයේ ප‍්‍රබල දේශපාලන ව්‍යාපාරයක් වන ඇම් කිව් ඇම් ලාහෝර් රිය පෙරහරට එක්ව වන බව මුලින් ප‍්‍රකාශ කර තිබුණද අවසානයේදී ඉන් ඉවත් විය. ඊට හේතු ලෙස දැක්වූයේ ජනතාව ක්වේටා ඝාතනයෙන් කම්පාවට පත්ව ඇති අවස්ථාවක මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණයක් දියත් කිරීම අවධානය වෙනත් අතකට හැරවීමක් වන හෙයිනි.


තවත් ජනප‍්‍රිය නායකයකු වන ඉම්රාන් ඛාන් ද ක්වොඩි‍්‍රගේ තහ්රික් ඊ- මන්හාජුල් කුරාන් ව්‍යාපාරයෙන් බැහැර වී සිටියි.

 

ඉම්රාන් ඛාන්


එහෙත් වැදගත්ගම සාධකය වන්නේ ක්වොඩි‍්‍රට ලක්ෂ සංඛයාත ජනතාවක් වීදි බැස්සවීමට සංවිධානමය හැකියාවක් පැවතීමය. ඒ සඳහා ඔහුගේ ආගමික පසුබිමට අමතරව ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක කෙරේම ජනතාව තුළ පවතින අප‍්‍රසාදය හා පිළිකුලද හේතු වේ. අනෙක් ප‍්‍රාදේශීය පක්ෂ තුළ පවතින වැඩවසම් භාවිතාවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට ගැලපෙන්නේ නැත. ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන්, පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ගත් උත්සාහයද ජනතා විශ්වාසය දිනා ගැනීමට ප‍්‍රමාණවත්ද යන්න මෙතෙක් තහවුරු කර නැත. මෙවැනි රික්තයක දුෂණයට එරෙහි ජනතාවාදී පාලනයක් සඳහා අවකාශයක් පවතින නමුත් ක්වොඩි‍්‍රට ඒ සඳහා සුදුසුකමක් හා හැකියාවක් පවතින්නේද යන්න පකිස්තානයේ බොහෝ දේශපාලන නිරීක්ෂකයන් නගන ප‍්‍රශ්නයකි. හදිසියේම දේශපාලන තාරකාවක් වීමට යත්න දරන ක්වෝඩි‍්‍ර මෙතෙක් කතා කරන්නේ මැතිවරණය ගැන පමණි. නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමටත්, භාරකාර රජය මෙහෙයවීමටත් සන්නද්ධ හමුදා සහ අධිකරණය සම්බන්ධ කරගැනීමට කරන යෝජනා ද දේශපාලන මුහුකුරා යෑමක් නොවේ. දේශපාලන ක‍්‍රමයේ පවතින දුෂිත බවට මැතිවරණ ක‍්‍රමය හේතුවක් වන නමුත් යහපාලනයක් සඳහා මැතිවරණ ක‍්‍රමය හේතුවක් වන නමුත් යහපාලනය සඳහා මැතිවරණ ප‍්‍රතිශෝධනයක් ප‍්‍රමාණවත් නොවේ. හමුදාව මෙන්ම අධිකරණයද පරිපාලනයෙන් බැහැර කිරීම ජනතාවාදී පාලනයක අත්‍යවශ්‍ය කොන්දේසි වන බව ඉතිහාසයෙන්ම ඔප්පු කර ඇත.


කෙසේ වූවත් තහිර් වුල් ක්වොඩි‍්‍රගේ පුනරාගමනය දැනටමත් ව්‍යාකූල වී ඇති පකිස්තාන දේශපාලනය නැවතත් වල්මත් කරවීමට හේතුවක් වූවහොත් එය බරපතළ ඛේදවාචකයක් විය හැකිය.

 

සටහන: මහින්ද හත්තක

 

පකිස්තානු රජයේ ආධාරකරුවෝ

 

ක්වොඩි‍්‍රගේ අනුගාමිකයෝ

 

තහීර් ක්වොඩි‍්‍ර



අදහස් (0)

යළි රත් වෙන පාකිස්තානය

රොහාන් Friday, 18 January 2013 01:57 PM

දැන් ලෝකෙම රත්වෙලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක්
2024 මැයි මස 19 66 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම


වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි
2024 මැයි මස 19 45 0

වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.


රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ
2024 මැයි මස 19 59 0

ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග



බාමියන් නගරයේ වෙඩි තැබීමක්
2024 මැයි මස 19 32 0

ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි.


රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන්
2024 මැයි මස 19 22 0

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 798 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2353 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site