යුරෝපීය රටවල් පහක සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු මියන්මාර විපක්ෂ නායිකාව වන අවුන් සාන් සූ කී පෙරේදා (30) යළි මියන්මාරයට පැමිණියාය. සති දෙකක යුරෝපා සංචාරය නිමා කරමින් සූ කී (67) මියන්මාරයේ යැංගොන් ගුවන්තොටුපොළට පැමිණෙනු දැක ගැනීමට ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයේ ආධාරකරුවෝ මෙන්ම මියන්මාර වැසියෝ ද දහස් ගණනින් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. දීර්ඝ සංචාරයකට එක්වන්න ලැබීම සතුටක් බවත් මියන්මාරය වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට තමන්ට හැකි වූ බවත් ගුවන්තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇය කියා සිටියාය. විඩාබර සංචාරයෙන් පසු ඉදිරි දින කිහිපය සූ කී විවේකයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් බදාදා (4) මියන්මාර පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇති බවත් ඊට ඇය සහභාගී වීමට නියමිත බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd