IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුරෝපා සංචාරයෙන් පසු සූ කී යළි මියන්මාරයට

යුරෝපීය රටවල් පහක සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු මියන්මාර විපක්ෂ නායිකාව වන අවුන් සාන් සූ කී පෙරේදා (30) යළි මියන්මාරයට පැමිණියාය. සති දෙකක යුරෝපා සංචාරය නිමා කරමින් සූ කී (67) මියන්මාරයේ යැංගොන් ගුවන්තොටුපොළට පැමිණෙනු දැක ගැනීමට ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයේ ආධාරකරුවෝ මෙන්ම මියන්මාර වැසියෝ ද දහස් ගණනින් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. දීර්ඝ සංචාරයකට එක්වන්න ලැබීම සතුටක් බවත් මියන්මාරය වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට තමන්ට හැකි වූ බවත් ගුවන්තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇය කියා සිටියාය. විඩාබර සංචාරයෙන් පසු ඉදිරි දින කිහිපය සූ කී විවේකයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත් බදාදා (4) මියන්මාර පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇති බවත් ඊට ඇය සහභාගී වීමට නියමිත බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය පවසයි.



අදහස් (0)

යුරෝපා සංචාරයෙන් පසු සූ කී යළි මියන්මාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site