ඉරානයට නව සම්බාධක පැනැවීමට යුරෝපා සංගමය තීරණය කරයි. මෙම නව සම්බාධක ඉරානයේ බැංකු පද්ධතිය අපනයන හා කර්මාන්ත ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙසේ  සම්බාධක පැනැවීමට හේතු වී ඇත්තේ සිය න්‍යෂ්ඨික ව්‍යාපෘතියට කිසිවෙකුටත් බලපෑම් කළ නොහැකි ස්ථාවරයක සිට ඉරානය කටයුතු කිරීමයි. මේ නිසා ව්‍යාපෘතියේ සැබෑ අරමුණු පිළිබදව බටහිර රටවලට ඇත්තේ සැකයකි. යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිඹද ප්‍රධානී කැතරීන් ඇෂ්ටන් පැවැසූයේ ඉරානය මත මෙසේ පීඩනය යෙදීමෙන් සිය න්‍යෂ්ඨික ව්‍යාපෘතිය පිළිඹද වූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉරානය කටයුතු කරනු ඇති බවයි. සිය න්‍යෂ්ඨික ව්‍යාපෘතිය බලශක්තිය සදහා පමණක් යැයි කියන ඉරානය ලෝකයේ අනෙක් න්‍යෂ්ඨික ප්‍ර්‍රබලයින් හා පැවැති සාකච්ඡා වලින් ඉවත් වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. එවක පටන් ඉරානයට නොයෙකුත් සම්බාධක පැනැවීණි. (කෝ.වි.ගු)