IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


යුරෝ මුදල් ඒකකය අවලංගු කාසියක් වේද?

එක්සත් යුරෝපයක් ගොඩනැගීමේ අරමුණෙන් ආර්ථික අධිකාරිය සවිබල ගැන්වීම සඳහා බිහිකරන ලද යුරෝ මුදල් ඒකකය බිඳ වැටීමේ අනතුරකට මුහුණ දී ඇති බව පසුගිය සතියේ යුරෝපා සංගමයේ සිව්වැනි විශාල ආර්ථිකය වන ස්පාඤ්ඤයට ඩොලර් කෝටි 12500ක ණයක් ලබාදීමට තීරණය කිරීමත් සමග තහවුරු විය. යුරෝපා සංගමයේ රටවල් 17ක භාවිත වන යුරෝ මුදල් ඒකකය ගනුදෙනු සඳහා පවත්වා ගැනීමේදී එම රටවලට මුහුණ දී ඇති මුදල් අර්බුදය දැන් ඒ රටවලට පාලනය කිරීමට නොහැකි තරම්ය. පෞද්ගලික බැංකු හා රාජ්‍ය ලබාගෙන ඇති ණය සහ වාරික පොලී ගෙවීමට නොහැකි වීමෙන් බංකොලොත්වීමට ආසන්න වූ එම රාජ්‍යයන් ගලවා ගත්තේ යුරෝපීය මධ්‍යම බැංකුවෙන් ලබාදුන් ණය මුදල්වලිනි. මුලින්ම අයර්ලන්තයෙන් ඇරඹුණ මෙම ණය අර්බුදය පෘතුගාලය, ග‍්‍රීසිය හා ඉතාලිය හරහා දැන් ස්පාඤ්ඤයට ළඟා වී ඇති අතර යුරෝ මුදල් ඒකකය තවමත් රඳා පවතින්නේ ජර්මනියේ හා ප‍්‍රංශයේ ආර්ථික ශක්තිය මතය. අර්බුදයට කල් පවත්නා විසඳුමක් ලබාගත නොහැකි වුවහොත් ණය ගෙවාගත නොහැකි රටවලට යුරෝ මුදල් ඒකකයෙන් ඉවත්වීමට හෝ ඉවත් කිරීමට සිදුවන බව දැන් පැහැදිලිය. ජර්මනිය, ප‍්‍රංශය හා ඉතාලියට පසුව යුරෝ කලාපයේ විශාල ආර්ථිකය වන ස්පාඤ්ඤයේ බැංකු සතු වත්කම්වල මූල්‍ය අගය පිරිහෙමින් පවතින නිසා ස්පාඤ්ඤයට ණය අර්බුදයකට මුහුණදීමට සිදුවන බව මීට වසර හතරකට පෙර නිව්යෝර්ක් මූල්‍ය වෙළඳපොළ කඩා වැටීමේදී නිරීක්ෂකයෝ පෙන්වා දුන්හ. ඊට වසර දෙකකට පසු ග‍්‍රීසියේ ණය අර්බුදය උග‍්‍ර වී යුරෝපීය මධ්‍යම බැංකුවේ පිහිට පතන විට ඊළඟ ගොදුරු විය හැක්කේ ස්පාඤ්ඤය බව විශ්ලේෂකයෝ නැවතත් අවධාරණය කළහ. ස්පාඤ්ඤය ඊට සූදානම් වූයේ වාමාංශික නැඹුරුවකින් යුත් සමාජවාදී රජය මැතිවරණයෙන් පරාජය කොට දක්ෂිණාංශික මරියානෝ රංජායි බලයට පත් කිරීමෙනි. ඔහු සෞඛ්‍ය අධ්‍යාපනය හා සමාජ සුබසාධනය සඳහා කෙරෙන රාජ්‍ය වියදම් කපාහැර අයවැය තුලනය කිරීමට උත්සාහ ගත් නමුත් මූල්‍ය වෙළඳපොළේ කඩා වැටීම නතර කිරීමට සමත් වූයේ නැත. මේ නිසා ස්පාඤ්ඤයේ විශාලතම බැංකුව බංකොලොත්වීමෙන් ගලවා ගැනීමට රජයට පවරා ගත් නමුත් එහි මූල්‍ය අවශ්‍යතාව සැපයීමට රජයට හැකියාවක් තිබුණේ නැත. අවසානයේදී යුරෝපා මධ්‍යම බැංකුව ඩොලර් කෝටි 12500 ලබාදීමට තීරණය කෙළේ ස්පාඤ්ඤ බැංකු පද්ධතිය කඩාවැටීම යුරෝ මුදල් ඒකකයේ අනෙක් රටවලටද අහිතකර ලෙස බලපෑමේ අනතුරක් පවතින නිසාය. ස්පාඤ්ඤයේ දක්ෂිණාංශික රජය, යුරෝපා මධ්‍යම බැංකුවෙන් නිර්දේශිත වියදම් කපා හැරීමේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග කල්තියාම අනුගමනය කෙළේ මෙවැනි අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහාය. එහෙත් වියදම් කපා හැරීමේ ප‍්‍රතිපලය වූයේ ආර්ථිකය වඩාත් පසුබෑමකට ලක්වීමය. පසුගිය වසරේදී ස්පාඤ්ඤයේ ආර්ථිකය සියයට 1.7කින් හැකිලූණ අතර මෙම වසරේදී ද එම ප‍්‍රවණතාව දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථික පසුබෑමේ තවත් ප‍්‍රතිපලයක් වූයේ විරැුකියාව ඉහළ යෑමය. සාමාන්‍ය විරැකියා අනුපාතය සියයට 25ක් වන අතර වයස අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන් අතර විරැකියා අනුපාතය සියයට 52කි. එනම් අධ්‍යාපනය නිමකොට රැකියා වෙළඳපොළට එක්වන තරුණ තරුණියන්ගෙන් අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවකට රැකියා නොමැතිවීමය. මෙම පිරිසට රැකියා අවස්ථා ලබාදීමට නම් ආර්ථිකය පුළුල් විය යුතු වුවත් වියදම් කපා හැරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය නිසා ආර්ථිකයේ සිදුවන්නේ ප‍්‍රසාරණයක් නොව හැකිලීමකි. එනම් බැංකු ගලවා ගැනීම සඳහා අනුගමනය කරන ප‍්‍රතිපත්ති ආර්ථික වර්ධනයට බාධාවක් වීමය. මෙහිදී වැදගත් වන්නේ යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස හැඳින්වූ අයර්ලන්තයේ ආර්ථිකය කඩා වැටීමත් සමගම එවැනි අනතුරකට පෘතුගාලය, ග‍්‍රීසිය, ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල්ද ගොදුරු විය හැකි බවට අනාවැකි පළකර තිබුණද ඒ වැළැක්වීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් මේ කිසිම රටකට නොතිබීමය. ඇත්තෙන්ම ජර්මනියේ චාන්සලර් මැකේල් ඉදිරිපත් කළ හා යුරෝපා මධ්‍යම බැංකුව අනුගමනය කළ ප‍්‍රතිපත්තියේ සැබෑ අරමුණ වූයේ බැංකු ගලවා ගැනීම පමණි. අඩු ආදායම් ඇති අඩු වැටුප් ලබන සේවකයින්ගේ රැකියා අහිමි වීමත්, ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් වැනි වෙනත් පහසුකම් සීමා කිරීමත් නිසා ආර්ථිකය වඩාත් පසුබෑමට ලක්විය. ජීවිතය පවත්වා ගැනීමට නොහැකි නිසා ග‍්‍රීසිය වැනි රටවල සියදිවි නසා ගැනීම්ද ඉහළ ගොසිනි. එහෙත් එම රටවල ජනතාවට තමන්ගේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති තීරණය කිරීමේ බලයක්ද නැත. ග‍්‍රීසියේ රජය හා යුරෝපා මධ්‍යම බැංකුව අතර රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳව ඇතිකරගත් ගිවිසුම ගැන ජනමත විචාරණයක් පැවැත්වීමට එරට රජය සූදානම් වුවද ජර්මනියේ හා ප‍්‍රංශයේ බලපෑම මත එම තීරණය අතහැර දැමීමට ඔවුන්ට සිදුවිය. මෙවැනි පසුබිමක් යටතේ අර්බුදයට මුහුණ දී ඇති රටවලට තවදුරටත් යුරෝ මුදල් ඒකකය පවත්වා ගනිමින් ආර්ථිකයේ වර්ධනයක් ඇති කිරීමට හෝ බැංකු ක‍්‍රමය පවත්වා ගැනීමට අසීරු වන බව පැහැදිලිය. එවිට විකල්පය වන්නේ යුරෝ මුදල් ඒකකයෙන් බැහැරව නැවතත් ජාතික මුදල් ඒකකකට මාරුවීමය. අනෙක් අතට අර්බුදයට ලක්ව ඇති රටවල ආර්ථිකය පවත්වා ගැනීමට දිගටම අරමුදල් සැපයීමට කලාපයේ ප‍්‍රබලම රට වන ජර්මනිය තුළ දේශපාලන එකඟතාවක්ද නැත. ප‍්‍රංශයේ සාර්කෝසි මෙන් ජර්මනියේ මර්කෙල් ද ඉදිරි මැතිවරණයකින් පරාජය වුවහොත් යුරෝ මුදල් ඒකකයේ බර දරනු ඇත්ද යන්න සැක සහිතය. මෙවැනි වාතාවරණයක් යටතේ විරැකියාව, ආර්ථික පසුබෑම සහ සමාජ අසහනය වැනි ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී යුරෝ මුදල් කලාපය තුළ රැඳී සිටින්නේද යන්න බොහෝ රටවලට තීරණාත්මක සාධකයක් වන බව නිසැකය.

සටහන-මහින්ද හත්තක
ග‍්‍රීසියේ ඇති යූරෝ කාසි ඉතාලියේ ආර්ථිකය කඩා වැටීම යුරෝපා මධ්‍යම බැංකු මූලස්ථානය ස්පාඤ්ඤ බැංකු ඉදිරිපිටදී ජනතා උද්ඝෝෂණ



අදහස් (0)

යුරෝ මුදල් ඒකකය අවලංගු කාසියක් වේද?

සුපුන් Monday, 18 June 2012 07:14 AM

දැන් අපිත් යුරෝපීහ සංචාරකයන් වෙනුවට සල්ලි තියෙන රටවල සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම හොදයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 61 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 48 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 34 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4540 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3310 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 174 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 22 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site