යේමනයේ සානා අගනුවර හමුදා පෙරහුරුවකට ඊයේ (21) එල්ල වූ අධි බලැති මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 50 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 78 දෙනෙක් තුවාල ලැබූහ. හමුදා නිල ඇඳුමකින් සැරසී බෝම්බකරු පැමිණ ඇතැයි ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයට හසුවූ වැඩි දෙනා හමුදා සෙබළුය. ඊට අමතරව සෙබළුන් පෙරහුරුවේ යෙදෙන අයුරු බැලීමට පැමිණි සිවිල් වැසියෝ ද වෙති. උතුරු සහ දකුණු වශයෙන් වෙන්වූ යේමනය තනි රාජ්‍යයක් බවට පත්වීම නිමිත්තෙන් පැවැත්වෙන හමුදා පෙළපාළිය සඳහා හමුදා සෙබළු එම පෙරහුරුවට සහභාගී වී සිටියහ. හමුදා පෙළපාළිය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 22 වැනි වරටය. යේමනයේ නව ජනපති ලෙස අබ්ද්‍රාබු මන්සූර් හාඞී ඉකුත් පෙබරවාරි මාසයේදී බලයට පත් වීමෙන් පසු යේමනයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණුතම බෝමබ ප‍්‍රහාරය ලෙස මෙය සැලකෙයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැති නමුත් යේමන රජය පවසන්නේ එය එරට කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ ම්ලේච්ඡ කි‍්‍රයාවක් බවය. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන යේමන අල් කයිඩාවට එරෙහිව පසුගිය දින 10 පුරා යේමන හමුදා අබ්යාන් පළාතේ දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය. ඊට ඇමෙරිකා හමුදාවේ ද සහාය ලැබුණි. හමුදා සෙබළුන් ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරය, අබ්යාන් පළාතේ හමුදා මෙහෙයුම් වෙනුවෙන් පළි ගැනීමක් වශයෙන් සිදුකරන්න ඇතැයි යේමන රජය අනුමාන කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යේමනයේ හමුදා පෙරහුරුවකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්