IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


යේමන හමුදා ප‍්‍රහාරයෙන් අල් කයිඩා නායකයා දිවි ගලවාගනී

යේමනයේ අල් කයිඩා ප‍්‍රදේශීය නායකයකු ඝාතනය කිරීමට එරට ගුවන් හමුදාව ඊයේ (3) ගත් උත්සාහයක් අසාර්ථක විය. ගුවන් හමුදාවේ ඉලක්කය වූයේ අබ්දුල්රවුෆ් අල් දහාබ් නමැති අල් කයිඩා නායකයාය. පසුගිය මාස කිහිපය පුරා යේමන ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප‍්‍රහාර එල්ල කළේ දහාබ්ගේ සටන්කාමීන් යැයි යේමන බුද්ධි අංශ පවසයි. අබ්දුල්රවුෆ් අල් දහාබ් ඔහුගේ බිරින්දෑවරුන් තිදෙනාත් සමඟ මධ්‍යම යේමනයේ රාධා පළාතේ හාමා නමැති ගම්මානයේ සිට ‘පික්අප්’ රථ දෙකකින් ගමන් කරමින් සිටින බවට යේමන බුද්ධි අංශයට ඊයේ උදෑසන ඔත්තුවක් ලැබී තිබේ. බුද්ධි අංශයේ උපදෙස් අනුව, යේමන ගුවන් හමුදාව වහා කි‍්‍රයාත්මක වී, ප‍්‍රහාරක ජෙට් යානයක් පිටත් කර ‘පික්අප්’ රථ දෙකට මිසයිල  ප‍්‍රහාර එල්ල කරවීය. අල් කයිඩා නායකයා ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම ප‍්‍රහාරයට බිලි වූයේ ඔහුගේ බිරියන් තිදෙනා සහ ආරක්ෂාවට සිටි සටන්කාමීන් හත් දෙනෙකි. ප‍්‍රහාරයෙන් අල් කයිඩා නායකයාට තුවාල සිදුවන්නට ඇති  බවත් සෙසු සටන්කාමීන්ගේ උදවු ඇතිව ඔහු එම ස්ථානයෙන් පලා යන්නට ඇති බවත් බුද්ධි අංශ නිලධාරීහු අනුමාන කරති. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පතුරුවන්නෝ උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීහුය. ඔවුන් නිරන්තරයෙන් රජයේ හමුදා සමඟ ගැටුම් ඇති කර ගන්නා අතර දකුණු සහ උතුරු යේමනයේ පළාත් කීපයක් ද අත්පත් කර ගෙන සිටින බව ද වාර්තා වේ.



අදහස් (0)

යේමන හමුදා ප‍්‍රහාරයෙන් අල් කයිඩා නායකයා දිවි ගලවාගනී

ඩියෝ Tuesday, 04 September 2012 05:03 PM

අපේ කොල්ලන්ට කියන්නකෝ. දෙයි නියමෙටම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 707 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17891 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site