යේමනයේ අල් කයිඩා ප‍්‍රදේශීය නායකයකු ඝාතනය කිරීමට එරට ගුවන් හමුදාව ඊයේ (3) ගත් උත්සාහයක් අසාර්ථක විය. ගුවන් හමුදාවේ ඉලක්කය වූයේ අබ්දුල්රවුෆ් අල් දහාබ් නමැති අල් කයිඩා නායකයාය. පසුගිය මාස කිහිපය පුරා යේමන ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප‍්‍රහාර එල්ල කළේ දහාබ්ගේ සටන්කාමීන් යැයි යේමන බුද්ධි අංශ පවසයි. අබ්දුල්රවුෆ් අල් දහාබ් ඔහුගේ බිරින්දෑවරුන් තිදෙනාත් සමඟ මධ්‍යම යේමනයේ රාධා පළාතේ හාමා නමැති ගම්මානයේ සිට ‘පික්අප්’ රථ දෙකකින් ගමන් කරමින් සිටින බවට යේමන බුද්ධි අංශයට ඊයේ උදෑසන ඔත්තුවක් ලැබී තිබේ. බුද්ධි අංශයේ උපදෙස් අනුව, යේමන ගුවන් හමුදාව වහා කි‍්‍රයාත්මක වී, ප‍්‍රහාරක ජෙට් යානයක් පිටත් කර ‘පික්අප්’ රථ දෙකට මිසයිල ප‍්‍රහාර එල්ල කරවීය. අල් කයිඩා නායකයා ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම ප‍්‍රහාරයට බිලි වූයේ ඔහුගේ බිරියන් තිදෙනා සහ ආරක්ෂාවට සිටි සටන්කාමීන් හත් දෙනෙකි. ප‍්‍රහාරයෙන් අල් කයිඩා නායකයාට තුවාල සිදුවන්නට ඇති බවත් සෙසු සටන්කාමීන්ගේ උදවු ඇතිව ඔහු එම ස්ථානයෙන් පලා යන්නට ඇති බවත් බුද්ධි අංශ නිලධාරීහු අනුමාන කරති. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පතුරුවන්නෝ උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීහුය. ඔවුන් නිරන්තරයෙන් රජයේ හමුදා සමඟ ගැටුම් ඇති කර ගන්නා අතර දකුණු සහ උතුරු යේමනයේ පළාත් කීපයක් ද අත්පත් කර ගෙන සිටින බව ද වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලන්ට කියන්නකෝ. දෙයි නියමෙටම. (නි)