
මීට සතියකට පෙර, ආධුනික තාරකා විද්‍යාඥයකු පළමු වරට සොයාගත් ‘2023 බීයූ’ නමැති ග්‍රහකය අද (27) අලුයම පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කළේය. ග්‍රහකයක් පෘථිවියට ඉතාම ආසන්නව ගමන් කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
මීටර් 3.5 ත් 8.5 ත් අතර විෂ්කම්බයකින් යුත් මෙම ග්‍රහකය පෘථිවියේ හැපුණේ නම් සැලැකිය යුතු හානියක් සිදුවීමට ඉඩ තිබුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පසුව පැවැසුවේය.
විශ්වයේ ගමන් කරන, පෘථිවියට අනතුරක් වේවි යැයි අනුමාන කළ හැකි ග්‍රහක ගැන ඇමෙරිකාවේ නාසා ආයතනය පමණක් නොව, තාරකා විද්‍යාඥයෝ අවධානයෙන් පසුවෙති.
ඊට අමතරව, පෘථිවිය අසලින් ගමන් කරන, පෘථිවියේ හැපී අනතුරක් විය හැකි ග්‍රහක සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයෝ පැය 24 පුරා විමසිල්ලෙන් පසුවෙති.
එසේ විමසිල්ලෙන් පසුවුවත් ‘2023 බීයූ’ ග්‍රහකය කල්තියා හඳුනා ගැනීමට නොහැකි විය. ‘2023 බීයූ’ ග්‍රහකය, මීට සතියකට පෙර, පසුගිය ජනවාරි 21 වැනිදා පළමුවෙන් සොයා ගත්තේ, යුක්රේනයට අයත් රුසියන් පාලනයට නතු ක්‍රිමියාවේ ආධුනික තාරකා විද්‍යාඥ ජෙනාඩි බොරිසෝව්ය.
ග්‍රහකය ‘2023 බීයූ’ යන නමින් නම් කෙරුණේ ඉන්පසුවය. ග්‍රහක යැග තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව නාසා විද්‍යාඥයෝ එහි ගමන් මඟ ගණනය කරමින් පැවැසූහ.
ග්‍රහකය කිලෝ මීටර් 3,600 ක් පෘථිවියට ළංව පෘථිවිය අසලින් ගමන් කළේය. නාසා ආයතනය පැවැසුවේ ග්‍රහකය ගමන් කළේ පෘථිවි කක්ෂයේ ඉහළින් රඳවා ඇති චන්ද්‍රිකා අසලින් බවය. ග්‍රහකය චන්ද්‍රිකාවල හැපී චන්ද්‍රිකා විනාශ වීමට ද ඉඩ තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ... ඕකට යන්න තිබ්බේ දියවන්නාවට...