සිරියාවේ හටගෙන ඇති සිවිල් යුද්ධය අවසන් වනතුරු කැරැලිකරුවන්ට එරෙහිව සටන්වැද සිටින ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව හිස්බුල්ලා සටන්කාමී නායක හසන් නසරල්ලා පවසයි.
ලෙබනනයේ සන්නද්ධ සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සටන්කාමී නායක නසරල්ලා මේ බව පැවැසුවේ ඊයේ (26) එරට රූපවාහිනී සේවාවක් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
සිරියානු යුද්ධය හිස්බුල්ලාවරුන්ගේ සටනක් ලෙස හැඳින්විය හැකි බවත් එහිදී තම සංවිධානය සැමවිටම ජනපති අසාද් වෙනුවෙන් සටන් වදින බවත් නසරල්ලා වැඩිදුරටත් කීය.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු යුද්ධයට මැදිහත්වීමත් සමඟ කැරැලිකරුවන්ට එල්ල වන ප‍්‍රහාර උත්සන්න වෙමින් පවතී. සිරියාවේ කුසායිර් නගරයේ කොටුවී සිටින කැරැලිකරුවන් පසුගියදා ප‍්‍රකාශ කළේ තමන් හිස්බුල්ලාවරුන්ගේ දැඩි ප‍්‍රහාරයන්ට ලක්වන බවයි.
ලෙබනනයේ සිටින ෂියා මුස්ලිම්වරුන් නියෝජනය කරන්නේ හිස්බුල්ලාවරුන්ය. ඔවුන්ගේ නායක නසරල්ලා කියා සිටින්නේ සිරියාව සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීම ලෙබනනයට ද තර්ජනයක් බවයි.
එසේම නසරල්ලා වැඩිදුරටත් සඳහන් කළේ තවදුරටත් ඇමෙරිකාවේ හා ඊශ‍්‍රායලයේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන්ට තමන් කිසිදු මොහොතකවත් සහය නොදෙන බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
යුද්ධය අවසන් වනතුරු සිරියා රජයට සහාය දෙනවා