කළබලකාරී නිව්යෝක් නගරයේ තවත් සන්ධ්‍යාවකි. වැඩ නිමවා නිවාස වෙත යන්නන්ගෙන් මංමාවත් පිරී පැවතිණ.
මගියෙකුත් පටවාගෙන කළබලයෙන් වෙට්ටු දමමින් යන කුලී රියකි. යන ගමන අවසානයේදී නතර වන්නේ පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ද යට කරමිනි.
වහා එතැනට රැස්වන පොලිසිය රියැදුරාට දඩුවම් කිරීම පසෙක තබා රථයට යටවී සිටි පුද්ගලයාව පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරයි. එය ව්‍යර්ථ වන්නේ රථය පුද්ගලයා මතින් ඉවතට ගෙන මිස ඔහු පිටතට ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි.
සිය සහෝදර සගයන්ටත් අඩගසනා පොලිස් නිළධාරීන් පිරිස කරන්නේ කිලෝ ගණනක් බර රථය සියල්ලන් සමග ඔසවා පැත්තකින් තැබීමයි. එසේ යටවී සිටිනා පුද්ගලයා පිටතට ගන්නා ඔවුහු වහා ඔහු රෝහල්ගත කිරීමටද කටයුතු කරති.
මේ සියල්ල අසල සිටියෙකුගේ කැමරාවේ සටහන් විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යටවූ මගියා ගන්න කාරය ඔසවයි
සිල්වා Wednesday, 16 January 2013 11:45 AM
අපිට හොද ආදර්ශයක් (ස)
ලක්ෂිත Thursday, 17 January 2013 12:32 AM
මධූ, අපේ රටේ මනුස්සකම තියෙනවා. (නි)
දම්මි Friday, 18 January 2013 08:27 AM
මෙන්න නියම මිනිස්සු. ඒකටත් එක්ක මෙහේ? (නි)
සමන් Thursday, 17 January 2013 05:58 AM
ඕක අපේ රටේ වුණා නම් වෙන්නේ ලෙඩා පැත්තක ඉන්දැද්දී රියැදුරාට හොදට නෙළන එකනේ. (නි)
නිසා Thursday, 17 January 2013 08:08 AM
අපේ රටේ මනුස්සකම් නැහැ කියලා කියන්නේ අමූලික බොරුවක්. (නි)
නන්දලාල් Wednesday, 16 January 2013 07:31 PM
කළ යුතු දෙය පසෙක තබා වීඩියෝ කරන්නන්ට හොද ආදර්ශයක්. (නි)
මධු Wednesday, 16 January 2013 07:43 PM
අපේ රටේ මනුස්සකම් නැති එක ගැන කණගාටුයි. (නි)