කළබලකාරී නිව්යෝක් නගරයේ තවත් සන්ධ්‍යාවකි. වැඩ නිමවා නිවාස වෙත යන්නන්ගෙන් මංමාවත් පිරී පැවතිණ.

මගියෙකුත් පටවාගෙන කළබලයෙන් වෙට්ටු දමමින් යන කුලී රියකි. යන ගමන අවසානයේදී නතර වන්නේ පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ද යට කරමිනි.

වහා එතැනට රැස්වන පොලිසිය  රියැදුරාට දඩුවම් කිරීම පසෙක තබා රථයට යටවී සිටි  පුද්ගලයාව පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරයි. එය ව්‍යර්ථ වන්නේ රථය පුද්ගලයා මතින් ඉවතට ගෙන මිස ඔහු  පිටතට ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි.

සිය සහෝදර සගයන්ටත් අඩගසනා පොලිස් නිළධාරීන් පිරිස කරන්නේ කිලෝ ගණනක් බර රථය සියල්ලන් සමග ඔසවා පැත්තකින් තැබීමයි. එසේ යටවී සිටිනා පුද්ගලයා  පිටතට ගන්නා ඔවුහු වහා ඔහු රෝහල්ගත කිරීමටද කටයුතු කරති.

මේ සියල්ල අසල සිටියෙකුගේ කැමරාවේ සටහන් විය.