
යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර ඇත.
මෙම ප්‍රකාශිකාව නියෝජනය කරන්නේ යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශයයි.
අවශ්‍ය තොරතුරු ලබා දුන් සැණින්, පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙම ප්‍රකාශිකාව, සැබෑ නිල ප්‍රකාශිකාවක ලෙස, යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන්, මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සිදු කරයි.
AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, පරිගණක ආධාරයෙන් නිර්මාණය කළ තැනැත්තියක බැවින් ඕනෑම භාෂාවක් කතා කිරීමට ද ඇයට පුළුවනි. යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වික්ටෝරියා ෂී යනුවෙන් මෙම ප්‍රකාශිකාව නම් කර ඇත.
වික්ටෝරියා ෂී නිර්මාණය කර ඇත්තේ රොසලීන් නෝබ්‍රේ නමැති යුක්රේනයේ ජනප්‍රිය ගායිකාවකගේ රූපය සහ අංග චලනයන් පරිගණකට මුසු කිරීමෙනි.
යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කරන බව දැනගත් පසු ඒ වෙනුවෙන් තම රූපයත්, අංග චලනයත් ලබා දීමට රොසලීන් නෝබේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටිවී.)
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුක්රේනයට AI ප්‍රකාශිකාවක්