IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


යුක්රේනයේ ඉන්දීය සිසුවෙක් මරුට

රුසියන් හමුදා යුක්රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසයි.

ඒ අනුව, රුසියන් හමුදා ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය ශිෂ්‍යයකු මියගිය පළමු අවස්ථාව මෙයයි.

යුක්රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු අධ්‍යාපනය ලබන අතර, එම සිසුන් යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගෙන ඇත. ඉන්දියාව ද විශේෂ ගුවන් යානා ඒ සඳහා යෙදවුණු බව පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව ඔවුන්ගේ ආක්‍රමණය ආරම්භ කිරීමට පෙර ය.

එම ඉන්දීය ශිෂ්‍යයා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ අද (1) උදෑසනය. ඒ ගැන ශෝකය පළ කරමින්, විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත්තේ එය මහත් අවාසනාවන්ත සිදුවීමක් බවය.

තවමත් යුක්රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.

කාර්කිව් යනු යුක්රේනයේ දෙවැනි විශාලතම නගරයයි. කාර්කිව් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා දිගට හරහට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන්නේ නගර වැසියන්ගේ ජීවිත අනතුරට පත් කරමිනි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (4)

යුක්රේනයේ ඉන්දීය සිසුවෙක් මරුට

බද්රානි Tuesday, 01 March 2022 05:08 PM

පුටින්වාදී, යුදකාමී අදහස් දරන අයගේ පවුල්වල සාමාජිකයින් එහෙම යුක්රේනයේ සිටිනවද දන්නේ නැහැ නේද? එහෙම ඉන්නවා නම් මමත් වචනයකින් හරි පුටින් මහත්තයාට උදව් කරනවා. තව හොඳට මිසයිල් ප්‍රහාර ගහන්න කියලා. කොහෙද ඉතින් කලාපීය බලවත්තු ඉදිරියේ අපි වගේ නැට්ට බඩයට ගහගෙන ඉන්නේ නැතිව යුක්රේන ජනතාව කරගත්තු විනාශයක්...!

:       15       11

ලුම්බිණි Tuesday, 01 March 2022 06:01 PM

සිකුරිටි කවුන්සිල් එකේදී ඉන්දියාව රුසියන් හමුදා ප්‍රහාරවලට විරුද්ධ වෙන්නවත් කැමැති නැති වුණානේද? දැන් තියෙන්නේ ප්‍රතිඵල....

:       9       13

සමන්ත Tuesday, 01 March 2022 10:50 PM

UN එකේදී රුසියාවට විරුද්ධව ඉන්දීයාාව කිසිවක් නොකරන්න හේතුව රුසියාව මෙන්ම ඉන්දියාව ද BRICS සංවිධානයේ සමාජිකයින්. මෙම සංවිධානය පිහිටවන ලද්දේ NATO සංවිධානයට අභියෝගයක් කිරීමට. එහි සමාජිකයින් වන්නේ බ්‍රසීලය (B) රුසියාව (R) ඉන්දියාව (I) චීනය (C) දකුණු අප්‍රිකාව (S).

:       0       1

මහින්දWednesday, 02 March 2022 06:55 AM

ඉන්දියාව BRICS සංවිධානයේ සාමාජික රටක් හැටියට රුසියාවට විරුද්ධ විය නොහැක. එම සංවිධානය පිහිටුවා ගත්තේ නේටෝවට විරුද්ධව. මෙම සංගමයට සාමාජික රටවල් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව. මෙය ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්නයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site