IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින්

රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි.

‘රික්තක’ බෝම්බ, ‘තර්මෝබැරික්’ එසේත් නැතිනම් ‘උෂ්ණත්ව බෝම්බ’ ලෙස ද හැඳින්වෙයි. මේවා පුපුරා යන්නේ අවට ඇති ඔක්සිජන් උරා ගනිමිනි. එසේ උරා ගනිද්දී රික්තයක් නිර්මාණය වෙයි. රික්තක බෝම්බ ලෙස හැඳින්වෙන්නේ ඒ නිසාය. මේවා සම්ප්‍රදායික අවි ආයුධවලට වඩා ප්‍රබලය.

ජිනීවා සම්මුතියට අනුව, මෙවැනි රික්තක බෝම්බ යුද සංග්‍රාමවලදී භාවිතයට ගැනීම තහනම් බව ද පැවැසෙයි. රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය.

අද (1) රුසියානු යුක්රේන යුද්ධයේ හය වැනි දිනයයි. මේ වනතුරු රුසියන් හමුදා ප්‍රහාර සඳහා භාවිතයට ගත්තේ සාම්ප්‍රදායික අවි පමණි. කෙසේ නමුත් තමන් ‘රික්තක‘ බෝම්බ යොදා ගනිමින් පහර දෙන බව රුසියාව තහවුරු කර නැත.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (14)

රුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින්

sujeewa Tuesday, 01 March 2022 03:09 PM

දැන් අපහට අසන්නට සිදුවනු ඇත්තේ යුක්රේනය හෝ යුක්රේනයට පක්ෂපාතී කණ්ඩායම්වලින් නිකුත් කරන ප්‍රකාශ හෝ ප්‍රවෘත්ති හෝ පමණි. සම්බාධක වල ප්‍රධානතම ප්‍රතිඵලය මෙයයි. මෙයද එක්තරා ආකාරයක යුද්ධයකි. මෙයද එක්තරා ආකාරයක සාමය යැයි කියමින් යුද්ධයට පිදුරු දැමීමකි. ජාත්‍යන්තරව රුසියානු විරෝධයක් ඇතිකිරීමට කරනු ලබන මෙහෙයුමකි. අප රටට එරෙහි වූ පාර්ශවයකට වඩා අප රටට හැම විටම සහය දැක්වූ රුසියාව කෙරෙහි ශ්‍රී ලාංකික ජනතාව ලෙස අප විශ්වාසය තැබිය යුතුයි. ගුණමකු ජාතියක් නොවිය යුතුයි. අප රටේ වෙහෙර විහාර විනාශ කරමින් සාමාන්‍ය ජනතාව විනාශකරමින් පැවති ත්‍රස්තවාදය වසර 30ක් පුරා පැවැතියදී මෙම රටවල් එය ත්‍රස්තවාදය අවසන් කිරීමට ඉඩ නොදුන්නාක් මෙන්ම එම ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු අදවනවිටද වැරැදි කරුවන් වී ඇත්තේ අපගේ හමුදාව විනා ත්‍රස්තවාදියා නොවේ. මෙයද ඒ ලෙසටම ආදර්ශයට ගෙන රුසියාව ‌දෙස බැලීම සුදුසුයි...

:       45       237

CiscoTuesday, 01 March 2022 08:27 PM

සහතික ඇත්ත... අපි කියවන්නේ පාට කණ්ණාඩිවලින් පෙරී එන ප්‍රවෘත්ති...!

:       24       120

ඇන්තනී Tuesday, 01 March 2022 09:21 PM

ඔබ ඉතා නිවැරදිය. යුරෝපා රටවල දෙබිඩි පිළිවෙත මැනවින් පෙන්නුම් කරන අවස්ථාවකි. සියලුම බටහිර ගැති මාධ්‍ය හරහා ඔවුන් යුක්රේනියානුවන් පුම්බා රුසියාව පහත් කරමින් සිටියි. ලාංකික මාධ්‍ය මෙය තේරුම් ගෙන වාර්තා කිරීම කළයුතුයි. රුසියාව අප වෙනුවෙන් සැමදා පෙනී සිටිය රටකි...

:       5       94

බද්රානිWednesday, 02 March 2022 04:07 PM

චීන පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින රටවල් පිළිබඳව නිරීක්ෂණය කළා නම්, මොලේ කලඳක් තිබෙන පුද්ගලයෙකුට වැටහෙනවා යතාර්ථය. හොර තක්කඩි ඒකාධිපතියන් හා ත්‍රස්තවාදීන්ට යටින් උදව් කිරීමට රුසියාව කවදාවත් මෑත කාලයේදී පසුබට වුයේ නැහැ. රුසියාව උපකාර කළ, වෙනිසියුලාව, සිරියාව, පමණක් නොවෙයි අසල්වැසි පාකිස්තානයටත් අද අත්වී ඇති ඉරණම පැහැදිලියි... කොහොමත් ඉතින් බොහෝ අය තම දරුවන්ව යහපත් ශිෂ්ඨ පාලනයක් පවතින රටවල් වලට යවන්න කැමති වුණාට, දුෂ්ඨ ආකල්පවලින් පිරිපුන් නායකයා තෝරාගන්නේ නරක පැත්තයි. එවැන්නන්, දුෂ්ඨ අමන පාලකයින්ගේ පැත්ත නොගෙන වෙන පැත්තක් ගන්නේ කොහොමද?

:       57       7

බද්රානිTuesday, 01 March 2022 09:56 PM

ලෝකයම පමණක් නොවෙයි, බුද්ධිමත් රුසියන් ජාතිකයින් පවා පුටින්ට එරෙහි වෙද්දී, ලංකාවේ විපරීත ටිකිරි මොලකාරයින් පුටින්ට ආවඩන එක ගැන නම් වෙනම ජාන පරීක්ෂාවක් කළයුතු වෙනවා. ඔය කවුරු කවුරුත් දඟලන්නේ පුටින්ලාගේ මිසයිල් ප්‍රහාර තමන් දෙසට හැරෙනකම් තමයි. තවම යුද්ධය ඇරඹුණා පමණයි, වැඩිය උඩ පනින්නේ නැතිව හිටියොත් කෝකටත් හොඳයි. එහෙම නැත්නම් ඉතින් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කාලා විඳවන එක වගේ නෙවෙයි? සුජීවලාගේ බඩේ රුදාව හැදිලා පමණක් නතර වෙන එකක් නම් නැහැ...

:       96       14

DonWednesday, 02 March 2022 12:59 AM

හලෝ අපේ යුද්ධය ඉවර කරන්න ඇමෙරිකාව ලොකු සහයෝගයක් දුන්නා. කොටි, නැව් ඔක්කොම විනාශ කළේ ඇමෙරිකානු උදව්වෙන්. ඇමෙරිකාවේ ප්‍රමුඛ රටවල් තවමත් කියන්නේ සිවිල් ජනතාව මැරුණු එක ගැනයි. සැටලයිට් වලින් යුද්දෙ ඔක්කොම වෙන්නේ කොහොමද කියලා ඇමෙරිකානු ලොක්කෝ දැක්කා..

:       11       6

sujeewaWednesday, 02 March 2022 03:13 PM

යුද්ධයක් 30 වසරක් පුරාවටත් සහ එය තව දුරටත් අඩු වැඩි වශයෙන් පවත්වාගෙන යාම සඳහා උපකාර කිරීමත්, ත්‍රස්තවාදය මුලිනුපුටා දමා අවසන් කිරීම සඳහා උපකාර කිරීමත් පැහැදිලිවම කරුණු දෙකකි.

:       3       60

SurainWednesday, 02 March 2022 01:12 AM

බොරු කියන්නේ නැතිව ඉන්න.

:       76       6

sujeewaWednesday, 02 March 2022 03:50 PM

දළදා මාලිගා ප්‍රහාරය, ජය ශ්‍රී මහා බෝධි ප්‍රහාරය, අරන්තලා ප්‍රහාරය වගේ ආගමික ප්‍රහාරත්, රටේ මර්මස්ථානවලට, සාමාන්‍ය ජනතාව දහස් ගණනින් මියගිය ත්‍රස්තවාදී ප්‍රහාරත් එල්ල වුණු කාලේ ජීවත් වෙච්චි අපිට අද ජාත්‍යන්තරයෙන් අසන්න ලැබෙන්නේ අපගේ හමුදාව වැරැදි කරපු බවක් පමණි. ත්‍රස්තවාදී ප්‍රහාරවලට හෝ ළමා සොල්දාදුවන් ගැන හෝ මිනිස් පලිහ ලෙස භාවිතා කිරීම ගැන හෝ ත්‍රස්තවාදීන්ට එරෙහිව වචනයක්වත් අසන්නට නොලැබේ. ශුද්ධවන්ත සෑම රාජ්‍යයක්ම යුක්රේනයට ආයුධ සපයන්නා සේම ත්‍රස්තවාදීන්ටද ආයුධ සපයා ඇත. ත්‍රස්තවාදීන්ට රැකවරණද සපයා දී ඇත. ප්‍රභාකරන්ට අවසාන කාලයේ බේරා ගැනීමටද උත්සාහ කළා සේ යුක්රේන ජනාධිපතිට විදේශ රටක ආරක්ෂාව ලබාදීමටද යෝජනා වී ඇත. කිසිදු බෝම්බයක් නිෂ්පාදනය නොකරන අපේ රටේ හමුදාවද එකල පොකුරු බෝම්බ හා රසායන බෝම්බ හෙලූ බවට චෝදනා කළ බවද හොඳින් මතකය. එවැනි රටවල් වෙනත් රටවලට ගොස් සිදුකෙරෙන මෙහෙයුම් වලදී මියයන සිවිල් වැසියන් සම්බන්ධයෙන් කිසිඳු මානව හිමිකම් ප්‍රශ්න නැත. මා සැසඳුවේ ඔය කාරණා මිස අන් කිසිවක් නොවේ. ඉතින් මේ කරුණු බොරු යැයි ඔබ තවමත් සිතන්නේද?

:       3       62

janahitha Tuesday, 01 March 2022 03:48 PM

තර්මෝබැරික් අපේ දියවන්නාව පැත්තට එකක් හරවන්න බැරිද? අපිටත් බලාගන්න අපිගැන හිතලා...

:       0       42

Nuwan Wednesday, 02 March 2022 01:01 AM

යුක්‍රේනයට වෙන රටවල් වලින් දෙන ආධාර මෙහෙම ප්‍රසිද්ධ කරන්න එපා. මේවා දැකලා අපේ මොල හතානෝ ඩොලර් ගන්න රුසියාවත් එක්ක වලියක් දාගන්නත් බැරි නෑ. ඔවුන් හම්බෙන ඩොලර් ටිකත් අරන් රට පනී. අපි තමයි මැරෙන්න ඕනේ...!

:       37       6

Bamunuarachchi Wednesday, 02 March 2022 06:55 AM

රුසියාව අපෙ රටෙන් කෑලි, වෙනත් වාසි නොඉල්ලන අපට ඉන්න හොඳ මිතුරෙක් අපිට රුසියාවට විරුද්දව කතා කරන්න බැරිය. ඉන්දියාව රුසියාවට විරුද්දව කතා කලෙත් නැත.

:       4       58

බද්රානි Wednesday, 02 March 2022 07:42 PM

සුජීවට තමන්ගේ රටේ ප්‍රශ්න වලට වඩා මේ කොහෙවත් තියන රුසියාවට තියන ප්‍රශ්න ගැන වගෙයි මේ දඟලන්නේ? කාන්තාවකුත් නොවන පිරිමියෙකුත් නොවන, එලොවටත් නැති මෙලොවටත් නැති, නයි නටවන්න දක්ෂ නයි පරම්පරාවේ අය ගැන අපිට නම් වැටහෙනවා. අරන්තලාවේ හා දළදා මාලිගා ප්‍රහාරය මෙහෙයවූ "කරුණා අම්මාන්"ලාව කරේ තියාගෙන හමුදා ආරක්ෂාවත් දීලා තියෙද්දී, ලැජ්ජා නැතිව එනවා මෙතන යුද පම්පෝරි ගහන්න... අර පිල්ලෙයාන් එහෙම දැන් අපේ ජාතික වීරයෝනේ? නොදකින්! පාලකයෝ කියනවා නම් ඔහෙලා නොකරන දෙයක් නැහැ...

:       61       4

බද්රානි Wednesday, 02 March 2022 08:19 PM

විපතේදී පිහිට වෙනවාට වඩා, විපතෙන් ගසා කෑම හා එමගින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමත් ලාංකික සමාජයේ බහුතරයකගේ සිරිතයි. තමන්ගේම ජාතියට එහෙම කරනවා නම් පිටරට ජාතියකට කොහොම කරයිද? හොඳ මිනිසුන් ඉතාම අඩු පිරිසක් මේ රටේත් ඉන්නවා. ඥාණය, බුද්ධිය පාවිච්චි කරලා ඒ අයව තෝරාගෙන උදව් උපකාර ගන්න... එසේ නොමැති වුවොත් ඔබලාගේ රටේ යුද්ධයට හසුවුණාට වඩා ව්‍යවසනයක් මේ රට තුළදී සිදුවෙයි...

:       80       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1338 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 794 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 457 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 418 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 1040 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 460 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 266 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 76 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site