රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යුක්රේන ජනපති වික්ටර් යැන්කෝවිච්ගේ රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, පාලක පක්ෂ සහ විපක්ෂ අතර පෙරේදා (24) එරට පාර්ලිමේන්තුවේදී ගුටි බැට හුවමාරුවක් සිදුවිය.
2010 වසරේ පැවැති ජනපතිවරණයෙන් බලයට පත් යුක්රේන ජනපති වැන්කොවිච් රුසියාවට හිතවාදී අයෙකි. ඔහුගේ රජය ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට අනුව රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යෝජනා කළේ යුක්රේන බසට ද සමානවය.
යුක්රේනයේ වෙසෙන බහුතරය යුක්රේන ජාතිකයන් වන අතර එය සියයට 77.8 ක ප‍්‍රතිශතයකි. සුළුතරය වන්නෝ රුසියානුවෝය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 17.3 කි.
යුක්රේනය පිහිටා ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේය. එය මායිම් වන්නේ බෙලරූස් රාජ්‍යයට සහ රුසියාවටය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීම විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධයක් එල්ල විය. වාග් ප‍්‍රහාරවලින් ඇරැුඹි එම විරෝධය ගුටි බැට හුවමාරුවක් තෙක් දුරදිග ගිය අතර කතා නායකවරයාට හෝ වෙනත් කිසිවකුට හෝ ගැටුම පාලනය කර ගැනීමට නොහැකි විය.
හිස තුවාල වූ සහ අතක් බිඳී ගිය මන්තී‍්‍රවරුන් දෙදෙනකු රෝහල් ගත කරන ලද බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වේ.

1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩෙ අප්පා මෙක රෙස්ලින් ෆිල්මි එකක් වගේ. අන්ඩටේකරුත් ඉන්නවද කොහෙද? අඩා.. අඩා.. අඩි.. අඩි.. දැන් පිටරට පාර්ලිමේන්තුවල ඒවා තමයි මෙවගේ එවා තියෙන්නේ. හුග දවසකින් ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් උනේනෑ. ඉස්සර සෙන්කෝලෙ උස්සන් දුවනවා. දැන් විපක්ෂෙත් අබලන්නේ. ඉතින් මේවගේ දේවල් අඩුයි.
අපේ රට හොදයි.. මොකද අපේ අය හූ කිව්වට මෙහෙම ගහගන්නේ නෑනෙ...
පොඩ්ඩක් ඉන්නකෝ.මමත් පෙන්නන්නම් හොද සෙල්ලමක් අද හෙටම
අපේ රටේ වගේමයි....
අපේ රටේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්
අපේ පාර්ලිමේන්තුවට සමානයිනේ