
මොරොක්කෝවේ අග්‍රාමාත්‍ය ධුරයට, පළමු වරට කාන්තාවක පත් කිරීමට එරට 6 වැනි මොහොමඩ් රජු කටයුතු කළේය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 50 හැවිරිදි නීතිඥවරියක ද වන ෆාතිමා සෙහ්රා මන්සූරිය.
පසුගිය දා පැවැති මොරොක්කෝ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්, මන්සූරිගේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්ෂය ජයග්‍රහණය කළේය.
ෆාතිමා මන්සූරි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් මොරොක්කෝ, රජ මාලිගය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ෆාතිමා මන්සූරි, නව රජයක් පිහිටුවීමට කටයුතු කරනු ඇතැයි ද රජ මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
මන්සූරි, මොරොක්කෝවේ නාගරික සැලසුම් අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඊට අමතරව ඇය, මොරොක්කෝවේ මරාවෙක්ස් නගරයේ නගරාධිපතිනිය ද වූවාය.
මොරොක්කෝව අරාබි රාජ්‍යයකි. ටියුනීසියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු නජ්ලා බුඩෙන්ගෙන් පසු, අරාබි ලෝකයේ අගමැතිවරියක බවට පත්වුණු දෙවැන්නා වන්නේ මන්සූරි ය.
රජයේ ප්‍රධාන අරමුණු සහ අභියෝග 2030 වසරේ දී ෆීෆා පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ ස්පාඤ්ඤය, පෘතුගාලය සහ මොරොක්කෝව යන රටවල සත්කාරකත්වයෙනි.
පාපන්දු ලෝක කුසලානය පැවැත්වීම සම්බන්ධ බිලියන ගණනක ආයෝජන කළමනාකරණය කිරීම මෙන්ම, උද්ධමනය පාලනය කිරීම, වැටුප් ඉහළ නැංවීම සහ රැකියා උත්පාදනය කිරීම මන්සූරි ප්‍රමුඛ ඇගේ රජයට පැවැරෙන ලොකු අභියෝගයක් වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd