සාමදානයේ සැතැපී සංගීතයද ‘‘රස විදිය’’ හැකි වන නිර්මාණ කර ඇති අමුතුම ආකාරයේ මිනී පෙට්ටියක් හඳුන්වාදීමට ස්වීඩන ජාතිකයෙක් සමත් වෙයි. ගිඩයි හයිපයි‘ හෙවත් ඉහළ පෙළේ මරණයක් සඳහා මේ පෙට්ටිය අලෙවි කරයිග

ඔහු පවසන ආකාරයට මළවුන් සංගීතයට සවන්දීම විවාදයට තුඩු දිය හැකි කාරණයක් වුවද මරණින් මතු ජීවිතයක් නොඑසේ නම් ආත්මය පැවැතීමේ විශ්වාසය පදනම් කරගෙන මේ මිනී පෙට්ටිය නිර්මාණය කර තිබේ.

මිනීපෙට්ටියට ශ‍්‍රවණ පෙති සවිකර ඇති අතර මියගිය මුත් ජීවත්ව සිටින කාලයේ ප‍්‍රිය කළ ගීත ඒ ශ‍්‍රවණ පෙති ආධාරයෙන් ‘‘ඇසීමට’’ සැළැස්වීමට අවශ්‍ය පහසුකම මේ මිනීපෙට්ටියේ වේ.