16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් සිය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප‍්‍රජාව තුළ විශාල උනන්දුවක් ඇති වී තිබේ.
යුරෝපයෙන් බැහැර රටක කාඩිනල් පියතුමකු එම පදවියට තේරී පත් වනු ඇතැයි ද, එම කාඩිනල් පියතුමා වයස් ගතයකු නොවනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරති.
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාඩිනල් හිමිවරුය. එම කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වති.
පාප් වහන්සේ කෙනකු තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ සිස්ටින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගින්ය.
කාඩිනල් පියතුමන්ලා පාප් වහන්සේ පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.
පදවියෙන් ඉවත්ව යන පාප්තුමකුට අනුප‍්‍රාප්තිකයකු පත් කිරීමේ බලතල කතෝලික සභාවේ නීතිරීතිවලින් නොලැබේ.
අනුප‍්‍රාප්තිකයකු නම් කළ නොහැක. නව පාප්තුමන් තේරීම සිදුවන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමයට, එනම් කාඩිනල් පියතුමන් රැුස්වී ඡුන්ද විමසීමෙන් පත් කෙරෙති.
පාප්තුමකු ඉල්ලා අස්වීම ඉතා විරල සිදුවීමක් වන අතර, අවසන් වරට පාප්තුමකු ඉල්ලා අස්වූයේ මීට අවුරුදු 600 කට ඉහතදීය. එසේ ඉල්ලා අස්වූයේ 6 වැනි ග්‍රෙගරි පාප්තුමන්ය. ඒ, 1415 වසරේ දීය.
ඉල්ලා අස්වන බව නිවේදනය කළ ද බෙනඩික් පාප්තුමන්ගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ලබන 28 වැනිදා යැයි වතිකානුවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමෝ එම පදවියට පත් 265 වැන්නා වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මීළඟ පාප්තුමා කවුරුදැයි කතෝලික ප‍්‍රජාව විමසිල්ලෙන්
සෑම් Wednesday, 13 February 2013 02:16 PM
අයියෝ අර ලංකාවේ කෙනා අහල මායිමකටවත් අරගෙන නෑ.... (ස)
මාරසිංහ Wednesday, 13 February 2013 10:27 AM
මේ සම්ප්‍රදාය සහ විශ්වාසයන් ගැන දැන් අපේ ආගම්වාදී කට්ටිය තර්ක කරන්න ගනීද දන්නෙ නැහැ. (නි)
චාමික Thursday, 14 February 2013 09:51 AM
කාර්ඩිනල් මැල්කමි රංජිත් පියතුමත් මේ අය ඒක්ක හිටිය නමි ලාංකිකයන් හැටියට අපිටත් ෙගාඩාක් අාඩමිබර ෙවන්න තිබුනා ෙන්ද (ස)
ශාලිත Wednesday, 13 February 2013 11:19 AM
මොකද දන්නෙ නැහැ එන්ගලන්තයෙන් නැත්තේ? (නි)
නිෂ් Friday, 15 February 2013 08:44 AM
මුහුණවල් වලින් අපි හුගක් දේවල් තේරුම්ගත්තා. (නි)
රොෂාන් Thursday, 14 February 2013 03:37 PM
ඉතාලියේ කෙනාට බොහෝ අවස්ථා තියෙනවා... (ස)
නිශා Thursday, 14 February 2013 04:15 PM
බලන්නකෝ. ලංකාවේ අය නම් කිසිම සද්දයක් නැතුව වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. (නි)
කුමාර Wednesday, 13 February 2013 09:32 PM
අපේ අහළ ගම් හතකටවත් නැතෝ!!!! (නි)
තිලින Thursday, 14 February 2013 04:21 PM
අපිත් විමසිල්ලෙන් ඉන්නේ (දී)
තාරුක Thursday, 14 February 2013 04:21 PM
ලෝක වැසි සියල්ලන්ටම දෙවි පිහිටයි (දී)