ඇෆ්ගනිස්තානයේ මීළඟ ජනපතිවරණයට තලේබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර්ට ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි යැයි කටාර් රාජ්‍යයේ සංචාරයක යෙදෙන ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි පවසයි.
ඇෆ්ගන් ජනපතිවරයා මේ බව කියා සිටියේ ජර්මන් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
-තලේබාන් නායක ඕමාර් අපේක්ෂකයකු ලෙස මීළඟ ඇෆ්ගන් ජනපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඇෆ්ගන් ජනතාව තමන්ට කැමැතිද නැද්ද යන්න දැනගන්න ඔහුට හැකිවේවි. ඇෆ්ගන් ව්‍යවස්ථාව යටතේ ඕනෑම ඇෆ්ගන් ජාතිකයකුට ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඕමාර් ඇෆ්ගන් ජාතිකයෙක්. සටන් අත හැර දේශපාලනික විසඳුමකට යෑමට තලේබාන් සංවිධානයට එය හොඳ අවස්ථාවක් යැයි මා සිතනවා” ජනපති කර්සායි එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේය.
2001 වසරේ ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේ සිට ආයුධ අතට ගත් තලේබාන් සටන්කරුවන්ට නායකත්වය දෙන්නේ මුල්ලා ඕමාර්ය. එපමණක් නොව ඇමෙරිකානු ත‍්‍රස්ත ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ද මොහුය.
ඇෆ්ගන් ජනපති කර්සායි කටාර් රාජ්‍යයට පැමිණියේ තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්ය.
තලේබාන් සංවිධානය, කටාර් රාජ්‍යයේත් ප‍්‍රංශයේත් සහාය ඇතිව ඇෆ්ගන් රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් සාම කාර්යාලයක් ද කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇත.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීළඟ ජනපතිවරණයට තලේබාන් නායකයාටත් ඉදිරිපත් විය හැකියි