චීනයේ ශීජියෑන් ප්‍රාන්තයේ වෙන්ලින් ගමේ ජීවත්වූ 67 හැවිරිදි ලූ බඕජින් ලෝක ප්‍රසිද්ධියට පත් වුයේ ඔහුගේ ගම මැදින් කැපු අධිවේගී මහා මාර්ගයට ඉඩදී තම නිවස අතහැර යාමට එකඟ නොවීම නිසායගගමේ ඉදිවෙන නව දුම්රියපොළ යා කැරෙන මහා මාර්ගයට ඉඩ දීමට අසල්වාසීන් සියලුදෙනාගේ ගේදොර සමතලා වෙද්දී තම පාරම්පරික නිවසින් ඉවත්වීමට ලූ බඕජින් සහ ඔහුගේ බිරිය කැමති කරවා ගැනීමට බලධාරීහු අසමත් වුහ.
අන්තිමේදී එම ගරාවැටුණු සිවු මහල් ප්‍රාසාදය මේ වියපත් අඹුසැමි යුවළගේ විරෝධයේ සංකේතය ලෙසට පත්කරමින් එය වටා මහාමාර්ගය ඉදිවිය. අති ශීඝ්‍රගාමී වර්ධනයක් කරා දිවයද්දී නව චීනය මුහුණදෙන මානුෂික හැල හැප්පිලි මුර්තිමත් කළ මෙම අනුවේදනීය සිද්ධියට ලොවවටා විවිධ මාධ්‍යයන් ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග ලූ බඕජින්ට ,මහපාරේ රජ්ජුරුවෝ, යන අන්වර්ථ නාමයද පට බැදිණි. තාරාවන් ඇතිකර ජීවිතය ගැටගසාගනිමින් සරල ජීවිතයක් ගතකල ලූ බඕජින් යුවළට මහපාරේ රජකම වැඩිකල් කරගැනීමට ඉඩකඩ ලැබුනේ නැත.
ප්‍රසිද්ධිය සමගම බලධරයින්ගේ සීමාන්තික උපක්‍රම සහ බලපෑමද උත්සන්නවිය. අන්තිමේදී ලූ බඕජින් යුවළට කරකියාගත දෙයක් නොමැතිවූ විට රජය තීන්දුකළ වන්දිය ගෙන නිවාස අතහැර යාමට සිදුවිය. ඔවුනට තම නිවසේ එළිපත්ත පනින්නට වත් ඉඩක් ලැබුනේ නැත. දැවැන්ත බුල්ඩෝසර සහ කැණීම් යන්ත්‍ර කඩාවැදී ඉතිරිවී තිබූ අබලන් ලූ බඕජින් මාලිගාව පොළවට සමතලා කළේය.
සබැඳි පුවත් .....
වන්දි නොලැබී තවමත් අධිවේගයේ
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මහ පාරේ රජු නික්මෙයි
අරෝෂ් Tuesday, 04 December 2012 02:04 PM
මානුෂීය අයිතීන් කෝ .(ස)
ජනක Sunday, 02 December 2012 04:20 PM
එල කොල්ලෙක් (ස)