IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මිසයිලවලින් ඇමෙරිකාවට පහර දෙන්න පැකිළෙන්නේ නෑ

තම පරම සතුරා වන ඇමෙරිකාව ඉලක්ක කරගනිමින් බැලැස්ටික මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමට තමන් කිසිසේත් පැකිළෙන්නේ නැතැයි උතුරු කොරියාව ඊයේ (24) යළිත් අනතුරු ඇඟවීමක් කළේය.
උතුරු කොරියාව එම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පෙරේදා (23) එරටට එරෙහිව නව සම්බාධක රැසක් පැනැවීමට විරෝධය පළ කරමිනි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 ට ඇමෙරිකාවද අයත් වෙයි. උතුරු කොරියාව පවසන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තමන් එරෙහිව ‘උසිගන්වන්නේ’ ඇමෙරිකාව කියාය.
උතුරු කොරියාවට එරෙහිව එම නව සම්බාධක පැනැවීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කළේ උතුරු කොරියානු රජය ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධය මැද ඉකුත් දෙසැම්බර් මාසයේ න්‍යෂ්ටික බලැති රොකට්ටුවක් උඩු ගුවනට යැවීම සැලකිල්ලට ගෙනය.
බටහිර රටවල් එම අවස්ථාවේදී කියා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බවය.
එහෙත් උතුරු කොරියා රජය කියා සිටියේ තමන් එම රොකට්ටුව ගුවන් ගත කිරීම මගින් චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂ ගත කළ බවය.
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සුළුකොට තැකිය නොහැකි බව ඇමෙරිකාව පවසයි. කෙසේ නමුත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාව කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවියි කියාය.



අදහස් (0)

මිසයිලවලින් ඇමෙරිකාවට පහර දෙන්න පැකිළෙන්නේ නෑ

චතුරංග Sunday, 27 January 2013 08:04 PM

යුද්ධය මොකටාද සහෝදරා (දී)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 11:10 PM

ඇයි සනා කලබල වෙන්නේ? බිල්ලාඩන් කියලා කවුරුත් නැහැ. නොකර සද්ද කරන දෙයක් කරලා කණගාටුව ප්‍රකාශ කලානම් හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site